රේස් යන බස් අල්ලන්න මෙහෙයුම්

මගීන්ට මරු කැඳවමින් රේස් යන මගී බස් රියැදුරන් අත්අඩංගුවට ගෙන, ඔවුන් නීතිය හමුවට ගෙන ඒම සඳහා වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පොලීසිය රට පුරා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.

Continue Reading

මහමුහුදට එක ඇළකින් ප්ලාස්ටික් කිලෝ ලක්ෂ පහමාරක්

ශ්‍රී ලංකාවේ එක් ඇළකින් වසරකට කි.ග්‍රෑ. 529,745ක ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයක් සමුද්‍රයට එකතු වන බවත්, දිනකට කැළිකසළ මෙ.ටො. 13,000ක් නිපදවන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ හා හෙල්ප් ඕ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය චතුර වැලිවිටිය පැවසීය.

Continue Reading

රජයේ ඉඩම්වලට සින්නක්කර ඔප්පු දීම තාවකාලිකව අත්හිටුවයි

මෙතෙක් සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමවේදය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතා පවසයි.

Continue Reading

පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩු….

පළාත් තුනක අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩුවී ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් ක‍ළේ, බස්නාහිර , නැගෙනහිර හා උතුරු පළාත්වල එම තනතුර පුරප්පාඩුව පවතින බවයි.

Continue Reading

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නතර කළේ තාවකාලිකව

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

Continue Reading

Parking Tickets පළමු විනාඩි 10 නොමිලේ

වාහනයක් නතරකළ සැනින් ගාස්තු ගෙවිය යුතු බවට නීතියක් පනවා නැති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි.

Continue Reading

පාකිස්තානයේ බෝම්බ පිපිරීමෙන් මියගිය පිරිස වැඩිවෙයි

පාකිස්තානයේ සිදු වූ බෝම්බ පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

Continue Reading

පාප් වහන්සේ රෝහල් ගත කරති

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව වතිකානුව නිවේදනය කරයි.

Continue Reading

නාමල්ගේ නීති උපාධිය ගැන සී.අයි.ඩීයෙන් පරීක්ෂණයක්

නීති විද්‍යාලයේ පැවැති විභාගයකට පෙනී සිටියදී සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගෙන් ඉදිරි දිනවලදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

Continue Reading