දිස්ත්‍රික් සෞඛ්‍ය සම්බන්ධීකරණ නිලධාරී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත් කරයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය තුළ රෝග නිවාරණ සහ ප්‍රතිකාර සේවා වඩාත් කාර්යක්ෂමව ජනතාව වෙත සමීප කරවීම මෙන්ම එම කටයුතු වල දී සිදුවන අඩුපාඩු අවම කර ගනිමින් ප්‍රමුඛතා අනුව සම්පත් කාර්යක්ෂම යෙදවීම ඉලක්ක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් සෞඛ්‍ය සේවා සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අවධානය යොමුව ඇත.

Continue Reading

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ වෛද්‍ය පීඨයේ නිරීක්ෂණයක

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම ඊයේ  (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන නිලධාරින් හමුවීමෙන් පසු කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

Continue Reading

ආබාධ සහිත දරුවන්ට වෙන්වු “අයති” ජාතික මධ්‍යස්ථානය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට

ශ්‍රී ලංකාවේ ආබාධ සහිත දරුවන් සඳහා වෙන් වු ප්‍රථම ජාතික මධ්‍යස්ථානය ලෙස හදුන්වන රාගම “අයති” ජාතික මධ්‍යස්ථානය (Ayati National Centre for Children with Disabilities) පසුගියදා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

Continue Reading

රුමේනියාව පෙන්වා කෝටි ගණනක් වංචාකළ හිටපු මන්ත්‍රි ඇතුළට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචාකළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මැයි මස 01 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නැංවීමට රුසියාවෙන් පූර්ණ සහාය

සෞඛ්‍ය සේවාව AI තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සහ මෙරට වෛද්‍යවරුන්ට ඉහළ වෛද්‍ය අධ්‍යාපනය ලබාදීමට රුසියාවේ මිත්‍රත්වයේ දෑත් දිගු වේ.

Continue Reading

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සමාලෝචනයා සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ සංචාරයක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) එක්ව 2026–2030 කාලසීමාව සඳහා වන ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) සකස් කිරීමේ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතී. රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ජාතික දැක්මට අනුකූලව, අපනයන මත පදනම් වූ තිරසාර ආර්ථික වර්ධනයක් කරා ශ්‍රී ලංකාව යොමු කිරීම මෙම උපායමාර්ගික වැඩපිළිවෙළේ අරමුණයි.

Continue Reading

ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වයේ කම්කරු රැලිය 66 වන වරටත්

1960 ආරම්භ වූ ක්‍රිස්තියානු කම්කරු සහෝදරත්වයේ මැයි දින සමරු කම්කරු පෙරහැර සහ කම්කරු පූජාව 66 වන වරටත් මෙවර කොල්ලුපිටිය ශාන්ත මයිකල් දේවස්ථානය (පොල්වත්ත පල්ලිය) ආශ්‍රිතව පැවැත් වුණි.

Continue Reading

ගෞරව ප්‍රණාමය – සුරියා වික්‍රමසිංහ වෙත; යුක්තිය, අයිතිවාසිකම් සහ මානව ගරුත්වය උදෙසා කැප කළ ජීවිතයක් – ලයනල් බෝපගේ

ශ්‍රී ලංකාවට මානව හිමිකම් සහ සමාජ සාධාරණය වෙනුවෙන් හඬ නැගූ නිර්භීත සහ නොසැලෙන හඬක් නිහඬව ගොස් ඇත. ශ්‍රී ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ (CRM) ලේකම්වරිය, ක්ෂමා ජාත්‍යන්තරයේ (Amnesty International) ජාත්‍යන්තර විධායක කමිටුවේ හිටපු සභාපතිනිය, දේශපාලන සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිර්භීත ක්‍රියාකාරිනියක් සහ අයිතිවාසිකම් අහිමි වූවන් වෙනුවෙන් නිහඬව නමුත් නොසැලී පෙනී සිටි සුරියා වික්‍රමසිංහගේ සමු ගැනීමත් සමඟ රට පුරා දිගු කාලීන රික්තයක් …

Continue Reading

චෙන්නායිහි ප්‍රථම වරට පවත්වන ලද ශ්‍රී ලංකා ආහාර උළෙලට දකුණු ඉන්දීය නළුනිලියන් රැසක් සහභාගී වෙයි

චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය විසින් අප්‍රේල් 24 සිට 26 දක්වා චෙන්නායි හි ග්‍රීන් මෙඩෝස් රිසෝට් (Green Meadows Resort) හිදී ප්‍රථම වරට “ශ්‍රී ලංකා ආහාර උළෙල 2026” සාර්ථකව පවත්වන ලදී. දින තුනක් පුරා පැවති මෙම උළෙල සඳහා 700කට අධික පිරිසක් සහභාගී වීම විශේෂත්වයකි. දකුණු ඉන්දීය සිනමා නළු නිළියන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරික නායකයින්, සංචාරක සංගම්වල සාමාජිකයින්, රොටරි සමාජ සහ …

Continue Reading

ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරන්න – ශ්‍රී ලංකාභිමානි කරු ජයසූරිය

ථේරවාදි භික්ෂු කතිකාවත නොපමාව නීතිගත කරමින් විහාර දේවාලගම් පනතට සංශෝධන ගෙන ඒ්මට ද පියවර ගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading