ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ (ICC Sri Lanka Arbitration and Mediation Hearing Center) දකුණු ආසියානු  මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරයි

අවුරුදු එකසිය දෙකක් පැරැණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම (Arbitration and Mediation Hearing Center ) බේරුම්කරන වාණිජ බේරුම් කරණ හා සමතකරණ මධ්‍යස්ථානය විවෘත කිරීම ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ  ආසියානු කලාපයේ අධ්‍යක්ෂ Tojus Chauawan මහතාගේ ප්‍රධානත්වයෙන් (සැප්.10) දින කොළඹ 03 ICC ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරින.

Continue Reading

මොරටුව  වෛද්‍ය සිසුන්ට සායනික පුහුණූවට කායික රෝග සහ ශල්‍ය රෝග මහාචාර්ය ඒකක  කළුතර ශික්ෂණ රෝහලේ ආරම්‍භ කරයි

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  පීඨයේ සිසුන්ගේ අධ්‍යාපන ගුණාත්මකත්වය සහ සායනික පුහුණුව වැඩිදියුණු කිරීමටත්, අනාගත වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය වෘත්තීකයන්ට උසස් අධ්‍යාපන හා පුහුණුව ලබාදීමත් මෙන් ම කළුතර ප්‍රදේශය සෞඛ්‍ය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමත් අරමුණු කර ගනිමින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකක ස්ථාපනය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදී. 

Continue Reading

විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සැසිය ඇමතීම අද (08)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් Volker Turk මහතා ශ්‍රී ලංකාවේ නිරත වූ සංචාරයෙන් අනතුරුව  මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් රජයේ නිල පිළිතුරු මානව හිමිකම් කවුන්සලය වෙත භාර දී ඇති බව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Continue Reading

දේශපාලන බෙදී යෑම් සහ නීතියේ ආධිපත්‍යය: පොරොන්දු සහ භාවිතාව – ලයනල් බෝපගේ

දේශපාලනිකව බෙදී යෑම් ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවේ. ඒවා අපේ රටට පමණක් අනන්‍ය වූ ඒවා ද නොවේ. බොහෝ විට එකම ධජය යටතේ ගමන් කළ අය අතර ඉතිහාසය ආරවුල්, හැර යෑම් සහ පාවා දීම් වලින් පිරී ඇත. විශේෂයෙන්, වම දිගු කලක් තිස්සේ විදහා පා ඇත්තේ කල්ලිවාදය, මතවාදීමය ආරවුල් සහ ප්‍රතිසංස්කරණ හා විප්ලවය පිළිබඳ එකිනෙකා හා තරඟ කරන දෘෂ්ඨීන් එක්සත් කිරීමට ඇති …

Continue Reading

සෞඛ්‍ය සේවකයින් හට උපරිම පහසුකම් ලබාදෙනවා – සෞඛ්‍ය අමාත්‍ය

සෞඛ්‍ය සේවාව ආයතන තුළට සීමා නොවී ක්ෂේත්‍රයට ගෙන ඒමට කටයුතු කරන බවත්, සියලු සෞඛ්‍ය වෘත්තිකයින් අවබෝධයෙන් සහ කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ වැදගත්කමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Continue Reading

සමෘද්ධිලාභී තරැණ තරැණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණුව

සංචාරක කේෂ්ත්‍රයන්හි රැකියා ඉලක්ක කර ක්‍රියාත්මක සත්කාරයේ ශ්‍රමසේනා ජාතික වැඩ සටහන පසුගියදා ආරම්භ කරන ලදී. ශ්‍රී ලාංකික සත්කාර සහ හෝටල් කේෂ්ත්‍රයේ බහුවිධ කුසලතා සහිත ශ්‍රම නියමුවන් 20000ක් නිර්මාණය කිරීම මෙම වැඩ සටහනේ අරමුණයි.

Continue Reading

කොරියානූ භාෂාව ඉගෙන ගෙන ලෝකය ජයගන්න – මහාචාර්ය කිම් සුන්ග් ජින්

ඔබ කුමන රටක රැකියාවකට හෝ අධ්‍යාපනය ලැබීමට යන්නේ නම් එම රටේ භාෂාව හොඳින් ඔබ ඉගෙන ගෙන එම රටට යෑම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරන පළමු යතුර බව කොරියානු මහාචාර්ය කිම් සුන්ග් ජින් මහතා පවසයි. අද කොරියානු භාෂාව කියන්නේ ඔබට මුළු ලෝකෙටම ඇතුල් වෙන්න පුළුවන් භාෂා පාස්පෝට් එකක්.

Continue Reading

වර්ගික, ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීම ගැන සාධාරණ සමාජයක් අගය කරයි

වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීමට මැතිවරණ කොමිසමේ අවධානය යොමුවීම අගය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading