E-8 රැකියා වංචාකරු අත්අඩංගුවට

දකුණු කොරියාවේ E-8 කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් රුපියල් මිලියන 3ට වඩා වැඩියෙන් මුදල් වංචාකරමින් කටයුතු කළ පුද්ගලයෙකු, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (2025.03.16) පෙරවරුවේදී කුරුණෑගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading

රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින් කටයුතු කළහොත් ජනතාවගේ පැත්තේ සිටගෙන තීන්දු ගන්නවා – සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින බවත්, ඒ වෙනුවෙන් නොපැකිළිව කටයුතු කරන බවත්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.

Continue Reading

මේ නරුමයා වහාම අත්අඩංගුවට ගෙන දඬුවම් කල යුතුමය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ගෙවල් වලට එනකොට ග්‍රාමීය පිරිමින්  හෙමින් සැරේ ගෙදරින් මාරු වෙන හැටි මම අනන්තවත් දැකලා තියෙනවා.  අපි කුඩා කාලේ අපේ ගෙදරට  මිඩ් වයිෆ් නෝනා ආවම අම්මා අපිවත් එලව ගන්නවා.  ඒ දෙන්නා තාත්තා ඇතුලු පිරිමි අපි හැමෝම  අරහං කරලා කරන යටිකූට්ටු වැඩක් ගානට ඒ දෙන්නා තමයි කතාව. 

Continue Reading

බටලන්ද අමතක කරමු

කාලෙකට පස්සේ පෝස්ට් එකක් දාන්න හිතුවේ මේක ලිවිය යුතුම නිසයි. දැනට මතුවෙලා තියෙන “බටලන්දේ ඝාතකයන්ට දඬුවම් දෙනු” කියන ව්‍යාපෘතිය නිෂ්ඵල, නොවැදගත් සහ සමහරවිට ඉතාමත්ම හානිකර ප්‍රතිඵල ඇතිවිය හැකි එකක් කියන එක කියන්නයි මේක ලියන්නේ.

Continue Reading

ටියුෂන් පංතියේ විකෘති කාමය

පසුගිය දින කිහිපය තිස්සේ සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ දර්ශන කිහිපයක්, වැදගත් කාරණයක් සාකච්ඡා කිරීමට යෝග්‍ය නිමිත්තක් සපයයි. මේ කියන වීඩියෝ දර්ශන රූපගත කර ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයෙකි.

Continue Reading

වෛද්‍ය චමල් සංජීවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තර්ජන

සමගි ජන බලවේග රත්මලාන ආසන සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතාට පසුගිය (16) දින උදෑසන සමගි ජන බලවේග පක්ෂ කොට්ඨාශ  කාර්යාලය තුළ සහ ඉන් පිටතදී රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාකාරී සාමාජිකයින් බව පවසන මග අහුරා මරණ තර්ජනය කොට ඇත.

Continue Reading

ලිංගික අපරාධයක වින්දිත වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරන අතර ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සඳහා කැපවෙමු. – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සේවයේ නිරතව සිටියදී පිළිකුල් සහගත ලිංගික අපරාධයකට ගොදුරු වූ වෛද්‍යවරියගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් පුවත් වාර්තා කිරීමට සියලු මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියළු සමාජ මාධ්‍ය හා වෙබ් අන්තර්ගත සම්පාදකයින්ගෙන්ද ඉල්ලා සිටින්නේ අදාළ සිදුවීම වාර්තා කිරීමේදී වින්දිතයාගේ අනන්‍යතාව සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙසයි. දණ්ඩ නීති සංග්‍රහයේ 365: ඇ වගන්තිය ප්‍රකාරව ලිංගික අපරාධවල ගොදුරු බවට …

Continue Reading

කාන්තා දින සැමරුමේ පහන දැල්වීම පවිත්‍රතා අංශයේ සේවිකාවකට

“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්‍රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්‍රමික කාන්තා දින සැමරුම ශ්‍රි ලංකා විදේශ ‍සේවා නියුක්ති කාර්යාංශයේදී (2025.03.07) දින පැවැත්විය.

Continue Reading
කරු ජයසූරිය

තොරතුර කොමිසම කඩිනමින් සක්‍රීය කරන්න – කරු ජයසුරිය

තොරතුරු කොමිසම කඩිනමින් යළි සක්‍රීය කිරිම සඳහා සියළුම පාර්ශ්වයන් අවධානය යොමු කල යූතුව තිබෙන බව  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, කරු ජයසුරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading

ස්වෛරී රටක් ලෙස ශ්‍රී ලංකාව ව්‍යවස්ථාමය ප්‍රමිතීන් සම්පූර්ණ කර නැත – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය

“ජාතික අපේක්ෂාවන්ට අනුගතව ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ශක්තිමත් කරන ආණ්ඩුක්‍රමයක්” මැයෙන් පසුගියදා කොළඹ දී විද්වත් සම්භාෂණයක් පවත්වන ලදී. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සංවිධානය කරන ලද  එම විද්වත් හමුවේ ප්‍රමුඛ දේශනය සිදුකරන ලද්දේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභිනව සභාපති නීතිඥ  රජීව් අමර්සූරිය මහතා විසිනි. එම දේශනය ඇසුරින් මෙම ලිපිය සකස් කර ඇත.

Continue Reading