අයිසන්කොට්ගේ (Eisenkot) බලවේගය නෙතන්යාහුට වඩා තරමක් ඉදිරියෙන්

  • ඊශ්‍රායල් මහා මැතිවරණය (exit polls) මගින් පැහැදිලි ජයග්‍රාහකයෙකු නොමැති බව පෙන්නුම් කරයි.

ඊශ්‍රායෙල් ඊයේ පැවති මතවිමසුම්වලට අනුව මහ මැතිවරණයේදී වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇත්තේ ගාඩි අයිසන්කොට්ගේ බලවේගය වුවද, සමස්ත බහුතර බලය ලබාගැනීමට එය අපොහොසත් වී ඇත.

අයිසන්කොට් විසින් අලුතින් පිහිටුවන ලද ‘යාෂාර්’ (Yashar) පක්ෂයට නායකත්වය දෙන අතර, ඔහු බෙන්ජමින් නෙතන්යාහු බලයෙන් පහකිරීමේ පොදු අරමුණ සහිත විපක්ෂ එකමුතුව වන “වෙනසෙහි බලවේගයේ” (change bloc) ප්‍රධාන චරිතය ද වේ.

මතවිමසුම් මගින් තවදුරටත් පෙන්නුම් කරන්නේ නෙතන්යාහුගේ ‘ලිකුඩ්’ (Likud) පක්ෂය ඉශ්‍රායෙල් පාර්ලිමේන්තුවේ විශාලතම තනි පක්ෂය බවට පත්වීමට නියමිත බවයි.

ඊශ්‍රායෙල් මැතිවරණ තීරණය වීමට ආසන කිහිපයක වෙනසක් වුවද ප්‍රමාණවත් විය හැකි අතර, අතීතයේදී නික්මයාම් මතවිමසුම්වල ප්‍රතිඵල වෙනස් වූ අවස්ථා ද තිබේ.

නිල ප්‍රතිඵල දේශීය වේලාවෙන් මධ්‍යම රාත්‍රියේ (GMT 22:00) සිට නිකුත් කිරීම ආරම්භ වීමට නියමිත මුත්, ඡන්ද ගණන් කිරීම සඳහා දින කිහිපයක් ගතවිය හැක.

ඉදිරියට සිදුවීමට ඇත්තේ පක්ෂ අතර සති හෝ මාස ගණනාවක් පුරා ඇදී යන දීර්ඝ සාකච්ඡා වට වන අතර, ඒ සඳහා විකල්ප රාශියක් ඉදිරියේ පවතින බව ටෙල් අවීව්හි සිටින අපගේ වාර්තාකරු සඳහන් කරයි.

 ඉශ්‍රායෙල් පාර්ලිමේන්තුව වන ක්නෙසෙට්හි (Knesset) සමස්ත ආසන 120ම මෙවර තරගයට විවෘතව පැවතුණද, මින් පෙර කිසිදු පක්ෂයක් තනි බහුතරයක් දිනාගෙන නොමැති අතර අතීතයේදී ද ආණ්ඩු පිහිටුවා ඇත්තේ සන්ධාන ලෙසිනි.

(BBC News)

| සේන සූරියප්පෙරුම

Leave A Comment