මිහින්තලේ ආගමික බැඳීම දේශපාලන අවියක් කර නොගනිමු!
වසර ගණනාවක් පුරා ශ්රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ඓතිහාසික, ආගමික හා රාජ්යතාන්ත්රික මිත්රත්වය දේශපාලන වාසි වෙනුවෙන් බිඳ දැමීමට දරන උත්සාහයන් කිසිසේත් අනුමත කළ නොහැකිය. මිහින්තලේ පැවති ආගමික උත්සවයකට සහභාගි වීම සඳහා මෙරටට පැමිණි තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය සහ වාණිජ අමාත්ය සුෆාජී සුතම්පුන් මහත්මියගේ සංචාරය සම්බන්ධයෙන් මතු වී ඇති විවාදය දෙස බැලිය යුත්තේ පටු දේශපාලන කෝණයකින් නොව, නිවැරදි කරුණු සහ දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා පදනම් කරගෙනය.
සුෆාජී සුතම්පුන් මහත්මිය මෙරටට පැමිණියේ මිහින්තලේ පැවති චූඩා මාණික්යය හා කොත් වහන්සේ තැන්පත් කිරීමේ ආගමික උත්සවයට සහභාගි වීම සඳහා පෞද්ගලික ආගමික සංචාරයක නිරත වෙමිනි. එහෙත් තායිලන්ත තානාපති කාර්යාලය විසින් ඉල්ලා සිටි ප්රභූ විවේකාගාර පහසුකම් ඇතුළු රාජ්යතාන්ත්රික ආචාර සත්කාර ශ්රී ලංකා පාර්ශ්වය විසින් ලබාදී තිබේ. ඒ අනුව මේ සඳහා අවශ්ය සියලු පහසුකම් ලබා දී තිබියදීත් අසත්ය ප්රචාර කිරීම් හරහා රටවල් අතර සුහදතාව බේද බින්න කිරීමට විපක්ෂය ගන්නා නොමනා උත්සහය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
තවද, සුෆාජී සුතම්පුන් මහත්මිය මෙරටට පැමිණි පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද ඇය ශ්රී ලංකාවට පැමිණ ඇති අතර, දිට්වා සුළි කුණාටුව පැවති කාලසීමාව තුළ සිදුකළ සංචාරයකදී අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සැලසුම් කළ වැඩසටහන අතරමඟ නතර කිරීමට සිදුවූ බව ද සඳහන් වේ. එබැවින්, ඇයගේ සංචාරය එක් දිනක සිදුවීමක් ලෙස පමණක් සලකා බැලීම වෙනුවට, ශ්රී ලංකාව සමඟ පවතින ආගමික හා මිත්රශීලී සම්බන්ධතාවයේ පුළුල් පසුබිම ද අවධානයට ගත යුතුය.
එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් විපක්ෂයට ප්රශ්න කිරීමට හෝ කරුණු විමසීමට අයිතියක් නැතැයි කිව නොහැකිය. ප්රජාතන්ත්රවාදය තුළ විවේචනයට ඉඩ තිබිය යුතුය. එහෙත් විවේචනයක් ඉදිරිපත් කරන විට එය නිවැරදි තොරතුරු මත පදනම් විය යුතු අතර, විශේෂයෙන්ම විදේශීය රාජ්ය නියෝජිතයන් සම්බන්ධ සිදුවීම්වලදී, කරුණු සම්පූර්ණයෙන් විමසා නොබලා රජයට එරෙහි දේශපාලන ප්රචාරයක් ගෙන යාමෙන් හානි විය හැක්කේ එක් පාර්ශ්වයකට පමණක් නොව, රටේ ජාත්යන්තර ප්රතිරූපයට ද වේ.
එබැවින්, මෙම සිදුවීම පදනම් කරගෙන පවතින රජයට එරෙහිව විපක්ෂය විසින් ගෙන යනු ලබන බවට චෝදනා එල්ල වන නොමඟ යවනසුලු ප්රචාර සහ දේශපාලන වාසි ලබාගැනීමේ උත්සාහයන් අපි තරයේ හෙළා දකිමු. නමුත් වසර ගණනාවක් තිස්සේ ගොඩනැඟුණු දෙරටේ මිත්රත්වය දේශපාලන අරමුණු වෙනුවෙන් පළුදු කිරීමට කිසිවකුටත් ඉඩ නොදිය යුතුය. රටේ ගෞරවය, රාජ්යතාන්ත්රික සබඳතා සහ ජාතික වගකීම පක්ෂ දේශපාලනයට වඩා ඉහළින් තැබීම සැමගේ වගකීමයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යතුමන්ගේ මාධ්ය ලේකම්

