ඉන්දීය ආගමික නායක පූජකතුමාගේ ශ්රී ලංකා සංචාරය පිළිබඳ විදේශ අමාත්යංශයෙන් පැහැදිලි කිරීමක්
ඉන්දීය ආගමික නායක මහමණ්ඩලේශ්වර් ස්වාමි කෛලාසානන්ද ගිරි ජී පූජකතුමාගේ ශ්රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන පුවත 2026 පෙබරවාරි 23 වැනිදා සිදු වූ සංචාරයකට අදාළ පැරණි පුවතක් බව අවධාරණය කරමි.
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ ආරාධනයකට අනුව පසුගිය පෙබරවාරි 23 දින මෙරටට පැමිණි පූජකතුමා ඇතුළු දූත පිරිසක් ශ්රී ලංකාවේ වැදගත් ශිව දේවාල කිහිපයක් ඇතුළු ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹීමට එක්ව තිබිණි.
මෙම සංචාරයේ ප්රධාන අරමුණක් වූයේ රාමායණ මංපෙත ඇතුළු ශ්රී ලංකාවේ ආගමික හා සංස්කෘතික සංචාරක ආකර්ෂණීය ස්ථාන ඉන්දියානු බැතිමතුන් සහ සංචාරකයින් අතර ප්රවර්ධනය කිරීමයි. ශ්රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණෙන රට වන ඉන්දියාව තුළ ශ්රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්රචලිත කිරීම සඳහා මෙවැනි සංචාර වැදගත් වේ.
එමෙන්ම, ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්රවර්ධනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබාදීමත්, දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමත් මෙම සංචාරයේ අරමුණු අතර විය.
එබැවින්, මෙම පුවත වර්තමානයේ සිදුවන සිදුවීමක් ලෙස අර්ථකථනය කිරීම සාවද්ය බව අවධාරණය කරන අතර, පුවතේ දිනය සහ අදාළ පසුබිම සැලකිල්ලට ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිමි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යතුමන්ගේ මාධ්ය ලේකම්
