හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය පිහිටුවීම ලබන 28 වැනිදා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ මංගල මහා සභා රැස්වීම  පිහිටුවීම 2026 නොවැම්බර් මස 28 වන දින පෙ.ව. 9.30 ට කොළඹ 07, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත, අංක 275/75 දරන ස්ථානයේ පිහිටි වෘත්තීය සංවිධාන සංගමයේ (O.P.A) දී පැවැත්වීමට නියමිතය.

මෙම සම්භාවනීය අවස්ථාවට පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු සියළුම ගරු මන්ත්‍රීතුමන්ලා සහ ගරු මන්ත්‍රීතුමියන්ලා වෙත සංවිධායක කමිටුව ආරාධනය කර සිටියි.

425 ක් පමණ වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලාගෙන් බොහෝ පිරිසක් දැනටමත් පැමිණෙන බව සනාත කර ඇති අතර වැඩි විස්තර සඳහා Whatsapp – +94 722 253521 හෝ දුරකථන අංක – 071 479 4815 මාර්ගයෙන් විමසීමට කටයුතු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටී.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල හිටපු මන්ත්‍රී සංවිධාන පවතින රජයන් හා පාර්ලිමේන්තුව සමඟ ඉතා සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් සිය දැණුම හා අත්දැකීම් ජනතාවටත්, රාජ්‍ය පාලනයටත් ලබා දෙනු ලබයි.

2022 වර්ෂයේ ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙම සංකල්පය ආරම්භ කළ ද නිල වශයෙන් සංගමයක් ක්‍රියාත්මක වූයේ නැත. එබැවින් නිල වශයෙන් එම සංගමය “ශ්‍රී ලංකාවේ හිටපු පාර්‌ලිමේන්තු මන්ත්‍රී සංගමය” නමින් ආරම්භ කිරීමට අදහස් කරනු ලබන අතර සංගමය සමඟ එක්ව සහයෝගයෙන් ක්‍රියාකිරීමට බොහෝ රට වල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංගම් කැමැත්තෙන් සිටී. අන්තර්ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී සංගමයේ (IPU) ද සහයෝගය ද එම සංගමය වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

A

Leave A Comment