නව කැනඩා තානාපති ශ්‍රී ලංකාව සමඟ රාජතාන්ත්‍රික සබඳතා තර කිරීමට පොරොන්දු වෙයි
- Sujeewa Senerath
- November 17, 2025
- දේශපාලන, පුවත්
- 0 Comments
පසුගිය 13 වන දා ජනාධිපති වෙත අක්තපත්‍ර භාර දීමෙන් අනතුරුව කැනඩාව, නෙදර්ලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් 05ක නව, මහකොමසාරිස්වරු සහ තානාපතිවරු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අමාත්‍යාංශයේ දී මුණ ගැසී සාකච්ඡා කළහ.
ශ්‍රි ලංකාවට පැමිණීමට පෙර කටාර් රාජ්‍යයේ තානාපති ලෙස කටයුතු කර ඇති ගරු කැනේඩියානු නව මහකොමසාරිස් Isabelle Martin මහත්මිය ශ්‍රී ලංකාවේ සමකාමි වාතාවරණය ද සිනාමුසු මුහුණින් සිටින ජනතාව ද දැකීමෙන් තමන්ගේ රාජකාරී කාලය ඉතාමත් සතුටින් ගත කළ හැකි බවත් දෙරට අතර පැවැති රාජතාන්ත්‍රික සබඳතා තව දුරටත් වර්ධනය කිරීමට තමන් අදිටන් කර ඇති බවත් අමාත්‍යවරයා වෙත පැවසී ය.
කැනඩාවේ සිට කෘෂිකාර්මික කටයුතු පිළිබඳ දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් ඔවුන් සමඟ මහනුවර හා යාපනය යන ප්‍රදේශවල සංචාරය කළ බවත් කෘෂිකාර්මික කටයුතුවල දියුණුවට විශේෂඥ දැනුම ලබා දීමටත් ඒ පිළිබදව ආයෝජන අවස්ථා සොයා බැලීමටත් ඔවුන් සූදානම්ව සිටින බවත් මහකොමසාරිස්තුමිය පැවසුවා ය.
ශ්‍රී ලංකාව සහ කැනඩාව අතර දීර්ඝ කාලයක් තිස්සෙ පැවති මිත්‍රශීලී සබඳතා තවදුරටත් වර්ධනය කිරිමට තානාපතිනියගෙ සහයෝගය ලැබෙනු ඇති බව තම විශ්වාසය බවත්
මහකොමසාරිස්තුමිය ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සියැසින් බලා සියලු ජනතාව ජාති ආගම් භේදයකින් තොරව සහජීවනයෙන් කටයුතු කිරීම පිළිබඳව කැනේඩියානු ජනාතාව වෙත දැනුම් දිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
ශ්‍රී ලංකාවේ දැනට පවතින සහජීවනය සම්පූර්ණයෙන් ම විකෘති කර වැරදි චිත්‍රයක් කැනඩාවේ වෙසෙන ජනතාවට කියාපාන සුළුතරයක් සිටින බවත් එම වැරදි මතය ජනතාව තුළින් ඉවත් කළ හැක්කේ මහකොමසාරිස්තුමියට බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය. නව රජය බලයට පත්වීමෙන් පසු සංහිඳියාව වෙනුවෙන් ඉටුකර ඇති ක්‍රියාදාමයන් අතිමහත් බවත් අමාත්‍ය විජිත හේරත් පෙන්වා දුන්නේ ය.
පසුගිය මාස 10 පුරාවට කැනේඩියානු සංචාරකයින් 46000ක් ලංකාවට පැමිණ ඇති අතර මෙම සුන්දර රටට තව තවත් කැනේඩියානු ජාතිකයින් ගෙන්වීමට කටයුතු කරන ලෙසත් තානාපතිවරියගෙන් අමාත්‍ය විජිත හේරත් ඉල්ලා සිටියේ ය.
නෙදර්ලන්ත නව ශ්‍රී ලංකා තානාපති ලෙස අක්තපත්‍ර භාර දුන් නව තානාපති ද අමාත්‍යංශ කාර්යාලයේ දී අමාත්‍ය විජිත හේරත් මුණගැසී සාකච්ඡා කළේ ය. ඕලන්දය හා ශ්‍රී ලංකාව අතර පවතින 75 වසරක් පැරණි රාජතාන්ත්‍රික සබඳතා තව දුරටත් වර්ධනය කර ගැනීම තම අරමුණ බව Wiebe Jakob de Boer තානාපතිවරයා පවසා සිටියේ ය.
ශ්‍රී ලංකාව ඕලන්දයේ සමීපත ම මිතුරෙකු බවත් දිවයිනේ සෑම නගරයක ම ඕලන්ද පාලනයේ සිහිවටන පවතින බවත් ඒවා නිසි පරිදි යථාතත්ත්වයට ගැනීමට බලාපොරොත්තු වන බවත් යාපනය, ගාල්ල ආදි නගරවල පැරණි බලකොටු නැරඹීමට යාමට බලාපොරොත්තුවන බවත් තානාපතිවරයා ප්‍රකාශ කර සිටියේ ය.
ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත්වීමෙන් පසු ඇතිවෙමින් තිබෙන සමාජ ආර්ථික හා සංස්කෘතික නව ජීවනය සියැසින් දැක ඕලන්ද ජරජය හා ජනතාව වෙත සන්නිවේදනය කරන ලෙසත් විජිත හේරත් අමාත්‍යවරයා නව තානාපතිවරයාට පැවසී ය.
මේ වසර තුළ ඕලන්ද සංචාරකයින් 70000ක් පමණ පැමිණ ඇති අතර ශ්‍රී ලංකාවේ ඇති විවිධත්වය සහ ආකර්ෂණීය වූ ස්වාභාව සෞන්දර්ය පිළිබද ඕලන්ද ජාතිකයන් දැනුවත් කොට තව තවත්
සංචාරකයින් ලංකාවට ගෙන එන මෙන් අමාත්‍යවරයා නව තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
දැනට ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් සේවා නොමැති හෙයින් KLM ගුවන් සේවාව කටුනායක දක්වා ආරම්භ කිරීමට කටයුතු කරන මෙන් ද අමාත්‍යවරයා තවදුරටත් ඉල්ලා සිටියේ ය.
ශ්‍රී ලංකාවේ තානාපති වශයෙන් පැමිණීමට ලැබීම තමන් ලද භාග්‍යක් ලෙස සලකන බව ඕස්ට්‍රේලියානු නව මහකොමසාරිස් ගරු Mathew John Duckworth අමාත්‍ය විජිත හේරත් මුණගැසුනු අවස්ථාවේ පවසා සිටියේ ය.
මෙම වාසනාවන්ත රටෙහි සුන්දර ස්ථාන නැරඹීමට හා ශ්‍රී ලාංකික ජනතාවගේ ආගන්තුක සත්කාර ලැබීම සතුටක් බවත් ඕස්ට්‍රේලියාව හා ලංකාව අතර නව ආයෝජන දියුණු කිරීමටත් දෙරට අතර පවතින වෙළඳාම වැඩි දියුණු කිරීමටත් තමා බලාපොරොත්තුවන බවත් ඒ මහතා කියා සිටියේ ය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා කිරීමට බලාපොරොත්තුවන බවත් නව තානාපතිවරයා දැනුම් දුන්නේ ය.
ලංකාවට පැමිණි දින සිට Mathew John Duckworth මහතා විවිධ ප්‍රදේශවල සැරිසරමින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබඳව යූ ටියුබ් නාලිකා අන්තර්ගත නිර්මාණය කිරීම පිළිබඳව අමාත්‍යවරයා පැසසුමට ලක් කළේ ය. ඔහුගේ එම ක්‍රියාව තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහගු පිටිවහලක් වන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.
ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින්ට හිතකර ආයෝජන විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පවතින බවත් ඒ සඳහා ඔවුන් දිරිගන්වන ලෙසත් අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ය.
සියලු විදේශ ආයෝජන සුරක්ෂිත කිරීමට අණ පනත් ලගදීම පාර්ලිමේන්තුවේ සම්මාත කරන බැවින් බියෙන් සැකෙන් තොරව ශ්‍රී ලාංකා ආයෝජනය කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
මීට අමතර පසුගියදා අක්තපත් භාර දුන ඇල්ජීරියාවේ නව තානාපති ගරු Abdenor KHELIF සහ නව දිල්ලියේ වෙසෙන ශ්‍රී ලංකාව සඳහා අයිස්ලන්ත නව තානාපති ගරු Bendikt Hoskuldsson මහතා ද අමාත්‍ය විජිත හේරත් මුණගැසී සාකච්ඡා කළහ.

