ඉරාන විප්ලවීය නායක සමරුවක් කොළඹ දී පවත්වයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉරාන විප්ලවයේ නායක  ඉමාම් කොමේයිනිගේ අභාවයේ 37 වන සමරු උත්සවය, 2026 ජූනි 4 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ “තරංගනී” රංග ශාලාවේදී පැවැත්විණි.

ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති කාර්යාලයේ සංස්කෘතික ප්‍රධනි  අලි කෙබ්‍රියායි සාදෙහ් (Ali Kebriaei  Zadeh) මහතා ආරම්භක ආරාධනා කතාව සිදු කළේය.

ඉරාන ඉස්ලාමීය ජනරජය හා මාලදිවයින සඳහා වූ තානාපති ආචාර්ය අලි රෙසා ඩෙල්කොෂ් (Dr. Ali Reza Delkhosh) මහතා උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කරමින් පැවසුවේ 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවය සාමාන්‍ය දේශපාලන වෙනසක් හෝ බලය හුදෙක් වෙනස් වීමක් නොව, ජාත්‍යන්තර වේදිකාවේ “ආධිපත්‍යය සහ ආධිපත්‍යයට යටත්වීම” යන දෙකම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීම අරමුණු කරගත් මූලික පරිවර්තනයක් බවයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, එම විප්ලවය ඉරාන ජනතාව කිසිවෙකු පීඩනයට පත් නොකරන අතර, කිසිදු බලයක පීඩනයට හෝ අහංකාරයට යට නොවන බව ලෝකයට හඬගා ප්‍රකාශ කළ බවය.

බ්‍රසීලය, සවුදි අරාබිය, නෙදර්ලන්තය සඳහා හිටපු තානාපතිවරයෙකු සහ මාලදිවයින හිටපු මහ  කොමසාරිස් A. M. J. සාදික් මහතා සහ  හෂිමි පදනමේ සභාපති  ලාෆිර් මදනි මහතාද උත්සවයේදී අදහස් දැක්වූහ.

මෙම උත්සවයට ආගමික නායකයන්, මාධ්‍යවේදීන් සහ තානාපති කාර්යාල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. ඉමාම් කොමේයිනි පිළිබඳ වීඩියෝ ප්‍රදර්ශනයක්ද, අහ්මඩ් සුබෙයර් විසින් ඉදිරිපත් කරන ලද කසීදා ගයනා වැඩසටහනක්ද මෙයට ඇතුළත් විය.

Leave A Comment