ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

මෙරට ප්‍රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ.

Continue Reading

සමාජවාදී වියට්නාම් ජනරජයේ නිර්මාතෘ හෝ චි මිං 136 වන ජන්ම සමරුව කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි පිළිරුව අසලදි

ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමය සංවිධානය කළ මෙම හෝ චි මිං 136වන ජන්ම සමරු උත්සවය ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහි දී මහජන පුස්තකාල පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති හෝ චි මිං ප්‍රතිමාවට ලංකාවේ වියට්නාම් තානාපතිනි PHAN KIEU THU මැතිණිය ප්‍රමුඛ වියට්නාම් තානාපති නිලධාරීහු ද ශ්‍රී ලංකා වියට්නාම් සහයෝගිතාා සංගමයේ ලේකම් එස්. සුදසිංහ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් …

Continue Reading

2030 දී ළමා පිළිකා රෝගීන්ගේ ජීවිත් කරවීම 60% දක්වා ඉහළ නැංවීමට ගෝලීය සෞඛ්‍ය නායකයින් ප්‍රතිඥා දෙයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේ සමාරම්භය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමාජික රටවල් 194 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඊයේ (18) ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මුලස්ථානයේ දී සිදුවිය.

Continue Reading

තාඩන පීඩනවලට ලක්වුණු රාජ්‍ය සේවකයින්ට හලාවත නඩු තීන්දුව ඉතාම වැදගත් එකක් – ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට ඉතාමත්ම වැදගත් වන වෙනත් සාධක කිහිපයක් තිබෙනවා. පසුගිය කාලයේ වාර්තාවක පළවූ ආකාරයට යම් නඩුකරයක් සම්බන්ධ පොලීසියේ විමර්ශනවල සිට මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික විමර්ශන සම්පූර්ණ කර, නීතිපති දෙපාර්තමේන්තුවෙන් මහාධිකරණයට යොමු කර අධි චෝදනා පත්‍ර ගොනුකරනවාද නැද්ද යන්න එතනදී තීරණය කර, නඩු විභාගය අවසන් කරන්න අවුරුදු 07 – 15 කාලයක් ගතවෙනවා. හලාවත මහාධිකරණයේ විභාග වූ නඩුව 2008 සිදු කළ පහර …

Continue Reading

වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳීමට පියවර

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගියදා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට වාර්තා වී ඇත.

Continue Reading

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ – ශ්‍රී ලංකාභිමානී කරු ජයසූරිය

යුද්ධය යනු කිසිදිනෙක අභිෂේක කළ යුත්තක් නොවේ. මිනිසෙකු තවත් මිනිසෙකුගේ ලෙයින් තම ජයග්‍රහණය හෝ පරාජය සනිටුහන් කිරීම තරම් මෙලොව අන් අඥාණකමක් තවත් නැත. එහෙත්, දශක තුනක් තිස්සේ මව්බිමේ හදවත පලා දමමින්, ජාතික ධනයත්, තරුණ ජීවිතත් බිලිගත් මහා සාපයකට ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මුහුණ දීමට සිදු විය. අද ඒ අමිහිරි අතීතයට තිත තැබූ දිනයයි. ලෙයින් සහ කඳුළින් ලියවුණු ඒ ඉතිහාසය නිමා …

Continue Reading

ශ්‍රී ලංකාවේ කෝපි සහ දැව අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට පියවර

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කන්ට්‍රෝල් යූනියන් ශ්‍රී ලංකා (Control Union Sri Lanka) ආයතනය එක්ව, යුරෝපා සංගමයේ වන විනාශය වැළැක්වීමේ රෙගුලාසි (EUDR) පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී පවත්වන ලදී. මෙහි ප්‍රධාන අවධානය යොමු වූයේ මෙරට කෝපි සහ දැව ආශ්‍රිත නිෂ්පාදන අපනයනය සඳහා පවතින සූදානම පිළිබඳවයි.

Continue Reading

අමාත්‍ය විජිත හේරත් බෙලරූස් රාජ්‍ය සංචාරයෙන් දෙරට අතර සබඳතා ශක්තිමත් කරයි

පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා Belarus රාජ්‍යයට වැදගත් නිල සංචාරයක් නිම කළ අතර, එහි අරමුණ වූයේ Sri Lanka සහ බෙලාරුස් අතර අධ්‍යාපනය, සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය සේවා, වෙළඳාම, කම්කරු සබඳතා සහ ජාත්‍යන්තර සහයෝගිතාව යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමයි.

Continue Reading

‘දිට්වා’ ආපදා අභියෝගය ජයගත් බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇගයීමට ලක් කෙරේ

2025 නොවැම්බර් අග භාගයේදී ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කළ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ මහා ගංවතුර සහ නායයෑම් හමුවේ, රටේ සෞඛ්‍ය පද්ධතිය දැඩි අර්බුදයකට ලක් විය.

Continue Reading

අමාත්‍ය විජිත හේරත්, බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ හමුවී දෙපාර්ශවය අතර සබඳතා ශක්තිමත් කරයි

​විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා බෙලරුස් රාජ්‍යයේ සිදු කළ නිල සංචාරය අතරතුර එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකෂෙන්කෝ මහතා හමුවිය. ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මෙම අවස්ථාවේදී, දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම මෙහිදී සිය කැපවීම යළි තහවුරු කළහ.

Continue Reading