කළුබෝවිල මහා විෂ්ණු කෝවිලේ වේල් පෙරහැර උත්කර්ෂවත් ලෙසත් මෙවරත්
- Editor
- October 18, 2026
- පුවත්, විලාසිතා සහ සිදුවීම්
- 0 Comments
කළුබෝවිල ඇන්ඩර්සන් පාරශ්රී වෙන්කටේශ්වරන් මහා විෂ්ණු මූර්ති කෝවිලේ බ්රහ්මෝත්සවයේ පසුගියදා (17) දින තේරු වේල් පෙරහැර ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.
වේල් පෙරහැර වැල්ලවත්ත දක්වා සංචාරය කළ අතර, එම අවස්ථාවට සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් වැල්ලවත්ත එක්සත් වෙළෙඳ සංගමය සහ වැල්ලවත්ත පොලිස් ස්ථානය සංවිධානය කළ අයිස් ක්රීම් දන්සැල වැල්ලවත්ත පොලිස් ස්ථානය අසල දී පැවැත්වන ලදි.
මෙම අවස්ථාවට වැඩ බලන වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අංජුල, විවිධ පැමිණීලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක අබේවර්ධන සහ වැල්ලවත්ත වෙළඳ සංගමයේ එරන්ජන් ඉඹුලාන, යූසුෆ් ශාකීර්, ගෞරි ශංකර් යන මහත්වරුන් සහභාගී වූහ.




