ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කළ පළමු රට ශ්‍රී ලංකාවයි –  අමාත්‍ය විජිත හේරත්

කුඩා පරිමාණ ධීවර කළමනාකරණය සඳහා ජාතික සැලැස්මක් සකස් කිරීම ආරම්භ කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය විජිත හේරත් මහතා ලෝක ධීවරය දිනය සමරමින් ප්‍රකාශ කළේ ය.

Continue Reading

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් බඳවා ගැනේ

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය  ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය (18) දින නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වීණි.

Continue Reading

ජීවිතයෙන් සමුගන්න දවසේ ගුවන් විදුලිය “චිත්‍රට” අහිමිවීම…

පොඩි ඇඟක්.. සැර කටක්… හයිය හිතක් … කාටවත් නැමුනෙ නැති කොන්දක්… රටම ආදරය කළ හඬක් තිබුණ, චිත්‍රා කුමාරි කළුබෝවිල…. චිත්‍රා හෙවත් ගුවන් විදුලියේ මගේ ලොක්කි…..යන්න තව ගොඩක් කල් තියෙද්දී වේලපහින්ම යන්න ගියා. තවම අවුරුදු හැට අටයි.

Continue Reading

ලංකා බැංකු සේවක සංගමයෙන් අය-වැය ගැන නිවේදනයක්

2026 වසර සඳහා ඉදිරිපත් කර ඇති අය වැය යෝජනා සම්බන්ධව ලංකා බැංකු සේවක සංගමය විසින් නොවැම්බර් 10 දින සිදුකළ මාධ්‍ය සාකච්ඡාව හා බැදුණු සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක අත්සනින් නිකුත් කර තිබේ.

Continue Reading

කඳුළු එක්ක චියර්ස්…

“කොළොං ගස් සෙවණේ විඳින හුදෙකලාව ගැඹුරු වේදනා දනවන්නේය. ඒ මිහිරි අතීත සැමරුම් පපු කුහරයේ සිට බුබුළු දමමින් මතුව බිඳී යන්නේ දුක දනවමිනි. රහසිගත සියුම් ඉකිබිඳුමක් තමන් තුල සිරව ඇතැයි ඔහු සිතුවේය. ඔහු ඈතින් පෙනෙන ශේෂ කඳු සිරස දෙස බැලුවේය.

Continue Reading

COP 30 හරහා තව දුරටත් මතුවන දේශගුණ උණුසුම – සුපුන් ළහිරු ප්‍රකාශ්

අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින් නිකුත් කෙරුණු අවසන් තත්ත්ව වාර්තාව මගින්ද අවධාරණය කෙරුණේ 2022 වසරේදී ය.

Continue Reading

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න ආණ්ඩුවට උනන්දුවක් නෑ – ආචාර්ය රමේෂ් රාමසාමි

බලයට ඒමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කළත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව තුළ ඒ සඳහා පැහැදිලි උනන්දුවක් දක්නට නොලැබෙන බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රමේෂ් රාමසාමි මහතා පවසයි.

Continue Reading

අපේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථ, මිත්‍රශීලී, හා ප්‍රගතිශීලී විදේශ ප්‍රතිපත්තියයි – විදේශ අමාත්‍ය විජිත හේරත්

දකුණු ආසියානු රටවල් සමඟ ගිවිසුම් විස්සක්, නැගෙනහිර ආසියානු රටවල් සමඟ ගිවිසුම් දහනවයක්, අග්නිදිග හා මධ්‍යම ආසියානු රටවල් සමඟ ගිවිසුම් අටක්, යුරෝපා හා උතුරු ඇමෙරිකානු රටවල් සමඟ ගිවිසුම් පහලොවක්, මැද පෙරදිග රටවල් සමඟ ගිවිසුම් හතරක්, ලතින් ඇමෙරිකා සහ කැරිබියන් රටවල් සමඟ ගිවිසුම් හතරක් ඔක්කොම එකතු කළාම මේ කෙටි කාලය තුළ අප මේ රාජ්‍යන් සමඟ නව ගිවිසුම් හැත්තෑවක් අත්සන් කර එකඟතාවයන් ඇතිකරගෙන …

Continue Reading

ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන මිලදී ගැනීමට යුරෝපීය සංගමයේ වෙළඳ දූත පිරිසක් මෙරට සංචාරයක

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව සහ යුරෝපීය සංගමය අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් 2025 නොවැම්බර් 17 සිට 22 දක්වා යුරෝපීය සංගමයේ සාධාරණ වෙළඳ නිෂ්පාදන ආනයනකරුවන් සහ නියෝජිතයින් 12 දෙනෙකුගෙන් සමන්විත  වෙළඳ දූත පිරිසකගේ හමුවක් සාර්ථකව සංවිධානය කරන ලදී.

Continue Reading

ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකිරීමට පියවර

ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරයි.

Continue Reading