ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කෙරේ

ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු මාසය නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ්   හෝටලයේ දී පැවැත්විණි. ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති …

Continue Reading

ඕමාන තානාපති බලශක්ති අමාත්‍යවරයා හමුවෙයි

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ශ්‍රී ලංකාවේ ඕමාන තානාපති අහමඩ් අලි සයීද් අල් රාශිඩ් (Ahmed Ali Said Al Rashid) මහතා අතර හමුවක් බලශක්ති අමාත්‍යංශයේදී (14) දින පැවැත්විණි.

Continue Reading

රුමේනියා රැකියා පෙන්වා මුදල් වංචා කල සහකාර කළමනාකරුවකු අත්අඩංගුවට  

රුමේනියාවේ රැකියාවක් ලබා දෙන බව පවසා තරණයෙකුගෙන් රුපියල් නව ලක්ෂ හතලිස්පන්දහසක මුදලක් වංචා කළ බවට සැකපිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි සමාගමේ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගියදා නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සිදුකළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.

Continue Reading

අමාත්‍යවරයාගේ නියෝග මත වෛද්‍යවරුන්ගේ මාරුවිම් සාධනීය ලෙස ක්‍රියාත්මකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීම් වල සිදු වී තිබෙන ගැටළුකාරි තත්ත්වය හඳුනා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම ගැටළු මාරු මණ්ඩල හරහා සාකච්ඡා කරමින් නිවැරදි ක්‍රමවේදය තුලින් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් හට නියෝග කරන ලද බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Continue Reading

උතුරේ ඡායාරූප මාධ්‍යවේදී කුමනන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන්න- අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිත්වය

ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය(CTID)  විසින් ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලයි කුමනන්  ‘ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශයට’ කැදවීම වහාම අත්හිටුවන ලෙසත්, මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කිරීමට ඉඩ සලසන ලෙසත් අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

Continue Reading

වියට්නාමයේ ප්‍රබල බලශක්ති ආයෝජකයෙකු ලංකාවට (VIDEO)

වියට්නාමයේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ROX සමාගම් සමූහයේ සභාපතිවරයා ඇතුළු ඉහළම නිලධාරීන් මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා සාකච්ඡා කිරීම පිණිස අද (12) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා බලශක්ති අමාත්‍යංශයේදී හමුවූහ.

Continue Reading

Clean ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නාගානන්දය මිගමුවට

අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදී, Clean ශ්‍රී ලංකාව වැඩසටහනට සමගාමීව සහ “පිරිසිදු මනසක් – පිරිසිදු වෙරළක්” තේමාව යටතේ කැළණිය මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය මඟින් සංවිධානය කරන ලද මුහුදු වෙරළ පවිත්‍රතා කිරීමේ වැඩසටහනක් පසුගියදා මීගමුව පෝරුතොට වෙරළ තීරයේදී පවත්වන ලදි.

Continue Reading

මාධ්‍යවේදීන් මරා දමා පලස්තීනයේ ජනහඬ නිහඬ කිරීමට එරෙහිව විරෝධය දක්වමු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඊශ්‍රායලය ගාසා නගරයට එල්ල කළ ප්‍රහාරයකින් අල්ජසීරා පුවත් සේවයට වාර්තා සපයන ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු බිහිසුණු ලෙස මරා දමා තිබේ. ලෝ ප්‍රකට වාර්තාකරු අනාස් අල් ෂරීෆ්ද ඒ අතර වේ. ඔහු ඇතුළු මාධ්‍යවේදීන් පිරිස ඝාතනය කර ඇත්තේ අල් සිෆා රෝහල අසළ කුඩාරමක රැඳී සිටියදී ඉලක්ක ගත ඩ්‍රෝන ප්‍රහාරයකිනි. ඒ අනුව පෙනී යන්නේ මෙය සැළසුම් සහගත දුෂ්ට ප්‍රහාරයක් බවයි.

Continue Reading

ආර්ථික පීඩාවේ අභියෝගයට මුහුණ දෙන්න රාජ්‍ය යාන්ත්‍රණයම සක්‍රීය කරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

රට හමුවේ ඇති අභියෝගයන්ට මුහුණ දීමට සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම වඩා සක්‍රීය කල යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහ ලේකම් සුනිල් ජයසේකර මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.

Continue Reading