රජයේ අඩු පොළී ණය ලබා ගත් මෝල් හිමියෝ අනිවාර්යයෙන්ම සහතික මිලට වී මිලදී ගත යුතුයි – සමන් පාලිත බණ්ඩාර – නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, වී අලෙවි මණ්ඩලය

ගොවිජනතාව ඇත්තටම දන්නේ නැහැ, රජය වී මිල දී ගැනීමට ඉතාම අඩු පොළියකට ණය පහසුකම් ලබා දෙනවා. මේ වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කරලා තිබෙනවා. නමුත් ගොවිජනතාව මේ ගැන දැනුවත් නැහැ. මේ ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ අනිවාර්යයෙන්ම රජයේ සහතික මිලට වී මිලදී ගත යුතුයි. නමුත් ප්‍රශ්නය වන්නේ මේ ආකාරයට  රජයේ අඩු පොළි ඔඩපන ණය ලබා ගත් මෝල් හිමියෝ කවුද …

Continue Reading

හැම ආණ්ඩුවක්ම වගකිව යුතු මීගමු ඛේදවාචකයට පසු…

මීගමුව බන්ධනාගාරයේ “ප්‍රචණ්ඩත්වය” ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වෙත ගෙන යන්නේ යැයි ඉන් දිනකට පසු ජුලි 07 වන දා විපක්ෂයේ එකතුවකින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී නීති විශාරද මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසා තිබිණ. ඔහු තව දුරටත් කියා තිබුණේ ඒ සම්බන්ධයෙන් විදේශ තානාපති කාර්යාල, නීති හා අධිකරණ ආයතන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය වෙතටද කරුණු ඉදිරිපත් කරන බවය. මෙවැනි ඛේදවාචකයකට ජාත්‍යන්තර මානව …

Continue Reading

බදු ඉහළ දැමීමෙන් ඇතිවන ගැටලු – මහාචාර්ය සුමනසිරි ලියනගේ

ශ්‍රී ලංකාව සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපගෝජියු (Evan Papageorgiou) නිවේදනය කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ජූනි 24 සිට 30 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවයි. මෙම දූත පිරිස රජය සහ පුළුල් පරාසයක විහිදුණු පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සමාලෝචනය කිරීමට සහ තීරණාත්මක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම …

Continue Reading

පළාත් සභාවලට  පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ම අනුපිටපතක් වීමට අවශ්‍ය නෑ – ආචාර්ය සුජාතා ගමගේ

පළාත් පාලනය යනු වෙනම ම ක්‍රමයකි. පළාත් සභා ක්‍රමය යනු ප්‍රතිප්තතිමය තීන්දු – තීරණ ගන්නා තැනකි. ඒ අනුව පළාත් සභා මැතිවරණය පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ ම අනුපිටපතක් වීමට අවශ්‍ය නැත. එසේම මැතිවරණ වියදම් සම්බන්ධ නීතිරීති තිබෙන අතර පළාත් පාලන මැතිවරණයේ දී ක්‍රියාත්මක විය. එම අත්දැකීම් ද මෙහි දී භාවිතා කරමින් මැතිවරණ වියදම් අඩු කර ගන්නා ආකාරය හඳුනා ගත හැකිය.

Continue Reading

ඇට අටේ සිට සහල් කිලෝ විස්ස දක්වා: වෙළඳපොළද? සුබසාධන රාජ්‍යයද? – ආචාර්ය අතුලසිරි සමරකෝන්

“රාජ්‍ය සේවකයන්ට සහල් කිලෝ 20ක් ණය පදනම මත ලබාදීම” යන වත්මන් ආණ්ඩුවේ තීරණය සමාජ මාධ්‍යයේ සහ දේශපාලන වේදිකාවේ දැඩි විවේචනයට ලක්ව ඇත. ඇතැමුන් එය “ජනප්‍රියවාදී දේශපාලනය” ලෙස හඳුන්වන අතර, තවත් පිරිසක් පවසන්නේ රට බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ගොඩ නොනැඟුණු මොහොතක මෙය අත්‍යවශ්‍ය සහනයක් බවයි.

Continue Reading

තනියම නටන්න බැරි ‘එල් නිනෝ නම් නැට්ටුවා’ – ශ්‍රී ලංකාවේ දෘෂ්ටිකෝණයෙන් එල් නිනෝ සංසිද්ධියේ දේශගුණික යථාර්ථය

නිවර්තන රටක් ලෙස ශ්‍රී ලංකාවේ දේශගුණයට බලපාන ප්‍රධාන සාධකය වන්නේ වර්ෂාපතනයයි. මෙහි දී ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත යුතුය.

Continue Reading

විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාව ‘කොහෙවත් නැති’ ප්‍රශ්නයක්, කිසිවෙක් ඉල්ලා නොසිටි කරුණක් – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

අධිකරණයේ පුරප්පාඩු නොපිරවීම හේතුවෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවළියට එල්ලවන අභියෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට වැදගත් කරුණු දෙකක් සලකා බැලීමට සිදුවේ. ඉන් එකක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමේ යෝජනාවක් රජය විසින් සලකා බලමින් සිටීමය.

Continue Reading

‘ජන බලවේගය’ට ආණ්ඩුවේ ආකෘතිය (ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ සීමාව) තීරණය කළ හැකි ද?

19 වන සියවසේ ලිබරල් දේශපාලන චින්තනයේ ප්‍රමුඛ චින්තකයෙකු වූ ජෝන් ස්ටුවර්ට් මිල් විසින් රචිත On Liberty (1859) කෘතිය පුද්ගල නිදහස, ජනතා පාලනය සහ රාජ්‍ය බලය අතර සම්බන්ධතාවය පිළිබඳ ගැඹුරු විමසුමක් ඉදිරිපත් කරයි. මිල්ගේ මූලික තර්කය වන්නේ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම දියුණු සමාජයක පදනම වන අතර, යහපත් ආණ්ඩුවක් ගොඩනැගෙන්නේ ජනතාවගේ ක්‍රියාකාරී සහභාගිත්වය මත බවයි. එහෙත් ඔහුට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ කැමැත්ත …

Continue Reading

එල් නිනෝ සක්‍රීය වෙයි: දරුණු කාලගුණික විපර්යාස ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

එල් නිනෝ නැමැති ගෝලීය උෂ්ණත්වය වැඩි කරන ස්වභාවික පැසිෆික් කාලගුණ රටාව නිල වශයෙන් ආරම්භ වී ඇති බව ඇමරිකානු විද්‍යාඥයෝ පවසති.

Continue Reading