කිසිඳු දේශපාලන ව්‍යාපෘතියකට මම නෑ – කරූ ජයසූරිය

කිසිදු බල දේශපාලන ව්‍යාපෘතියකට මොනම  හෝ ආකාරයක දායක වීමක් සිදු නොකරන බව කරු ජයසූරිය මහතා අවධාරණය කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ, මහලේකම් සුනිල් ජයසේකර මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

බස් හා හා ත්‍රිවීලර් ක්ලීන් කරන්න – නමුත් ප්‍රශ්නය වැරදි කොනෙන් අල්ලා නොගන්න

බස්වල හා ත්‍රීවිලර්වල සවිකර ඇති දම්රැජිණ පන්නයේ තොරොම්බල් කෑලි ගලවා ඉවත් කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුය. නමුත් ප්‍රවෘත්ති බලන විට පෙනුණේ මේ ක්ලීන් කරන වැඩෙහි ඊට අමතරව තවත් කොටසක් ඇති බවය. එනම් බස්හිමියන්ව විනයානුකූල කිරීමට උත්සාහ කිරීමයි. මට පෙනෙන හැටියට නම් එම කාර්යය කාබනික පන්නයේ වැඩක් වීමේ අවධානමක් තිබේ.

Continue Reading

2015 සිට ලබාදුන් ඉඩම් ගැන විමර්ශනයක්

2015 වසරේ සිට මේ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ලබා දුන් ඉඩම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.

Continue Reading

මගීන්ගේ ආරක්ෂාවට අයිතිවාසිකම් ලැයිස්තුවක්

බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

Continue Reading

පර්පචුවල් සමාගම තවත් මාස 6කට අත්හිටුවයි

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාරික කටයුතු තවත් මාස 06කට අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (05) සිට ක්‍රියාත්මක වන පරිදි එම සමාගමේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

Continue Reading

සජබ සමිති නායක ආනන්ද පාලිතට මිලියන500ක එන්තරවාසියක්

සමඟි ජන බලවේගයේ වෘත්තීය සමිති නායකයකු වන ආනන්ද පාලිත විසින් හිතාමතා, සැලැසුම් සහගතව කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාරයක් සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ගෙවන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති, ඩී ජේ රාජකරුණා නීතිඥයන් මාර්ගයෙන් එන්තරවාසියක් යවා ඇති බව වාර්තාවේ.

Continue Reading

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන්නැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි

මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් සිදුවන ප්‍රහාරවලට අදාළව නීතිමය පියවර ගැනීම කඩිනම් කරන මෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහීම් සහ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව 2025 ජනවාරි 04 වන දා මෙම ලිපිය පොලිස්පතිවරයා වෙත යවා ඇත.

Continue Reading