සර්බියාවේ ශිෂ්‍යන් ගොඩනැගු මහජන ව්‍යාපාරය බලය අල්ලයි

  • සර්බියාවේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වයෙන් ගොඩනැඟු ජනතා ව්‍යාපාරය විසින් සර්බියාවේ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු රට පුරා සැමරුම්!

සර්බියාවේ තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයෙන් ශිෂ්‍ය නායකත්වයෙන් යුත් විරෝධතා ව්‍යාපාරයක් හමුවේ තමන් පරාජයට පත් වූ බව සර්බියාවේ දීර්ඝ කාලීන නායක ඇලෙක්සැන්ඩර් වුචිච් (Aleksandar Vučić) පිළිගෙන තිබේ.

බෙල්ග්‍රේඩ්, නොවි සාඩ් (Novi Sad) සහ අනෙකුත් නගරයයන්ට ජනතාව ඒකරාශී වීමත්  සමඟ මහා සැමරුම් ආරම්භ විය.

දූෂණය සහ නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවූ බවට චෝදනා එල්ල වූ පසුගිය රජයට, දුම්රිය ස්ථාන අනතුරකට ප්‍රතිචාර වශයෙන් මීට වසර දෙකකටත් අඩු කාලයකට පෙර මෙම ශිෂ්‍ය ව්‍යාපාරය ගොඩනඟන ලද අතර, ඔවුන් මෙවර මැතිවරණයට තරග කළේ සර්බියානු සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අපේක්ෂකයින් සමඟිනි.

“අප මෙම මැතිවරණයෙන් පරාජය වී ඇති බව පැහැදිලියි,” යනුවෙන් දක්ෂිණාංශික ජනප්‍රියවාදී නායක වුචිච් සිය පරාජය පිළිගනිමින් පැවසීය.

ඡන්ද මධ්‍යස්ථානවලින් 97%ක ප්‍රතිඵල ගණන් කර අවසන් වන විට, සර්බියානු මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ශිෂ්‍ය ව්‍යාපාරය ඡන්ද මිලියන 2.25ක් ලබාගෙන ඇති අතර හිටපු ආණ්ඩු පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද මිලියන 1.67ක් පමණක් බවයි.

සඳුදා උදෑසන නිකුත් වූ මූලික සංඛ්‍යාලේඛනවලට අනුව ශිෂ්‍ය ව්‍යාපාරය ඡන්ද ප්‍රමාණයෙන් 52.7%ක් තහවුරු කරගෙන තිබූ අතර, වුචිච්ගේ සර්බියානු ප්‍රගතිශීලී පක්ෂය (SNS) ලබාගෙන තිබුණේ 39.2%කි.

වුචිච් ජනාධිපති ලෙස ධුර කාල දෙකක් කටයුතු කර තිබූ බැවින් තෙවන වරටත් එම ධුරයට තරග කිරීමට නීතිමය හැකියාවක් නොතිබිණි.

එම නිසා ඔහු 2017 වසරේදී අතහැර දැමූ අගමැති ධුරයට නැවත පැමිණීමේ අරමුණින් සිය සර්බියානු ප්‍රගතිශීලී පක්ෂයට (SNS) නායකත්වය දුන්නේය.

නොවි සාඩ් දුම්රිය ස්ථානය ඉදිරිපිට වහලක්  කඩා වැටීමෙන් පුද්ගලයින් 16 දෙනෙකු මියයාමේ සිද්ධියෙන් පසු හටගත් වසර දෙකක විරෝධතාවලින් අනතුරුව ඔහු මෙසේ හදිසි මැතිවරණයක් කැඳවීමට පියවර ගත්තේය.

ශිෂ්‍ය ලැයිස්තුවේ (Student List) ප්‍රධාන අපේක්ෂක ඉලියා සර්ඩනොවිච් (Ilija Srdanović) BBC සිංහල/සර්බියානු සේවයට අදහස් දක්වමින් පැවසුවේ: “මෙය නිදහස් රාජ්‍යයක් වනු ඇත,” යනුවෙනි.

සර්බියාව පුරා රජයට එරෙහි ඡන්දදායකයින් ආකර්ෂණය කරගත් මෙම දූෂණ විරෝධී ව්‍යාපාරය, “රට නිරංකුශ පාලනයෙන් (tyranny) නිදහස් කර ගැනීමට” බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Source BBC.

සූරි

Leave A Comment