විමර්ෂණයේ අඩුපාඩු අධිකරණයෙන් සැකසිය නොහැකියි – පළාත්බද මහඅධිකරණ විනිසුරු

අලි ඇතුන්ගේ පවතින ආර්ථික වටිනාකම සහ රජයේ සේවකයින් මේ අපරාධවලට සම්බන්ධවීම සුළුවෙන් තක්ෂේරු කලයුතු නොවන බවත් මෙම නඩු කටයුත්ත සකස් කිරීමේදී අඩුපාඩු සිදුවී තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට අවවාද කරමින්, නඩුවේ චෝදනා වෙනස් විය යුතු බවත් විමර්ෂණයේ අඩුපාඩු සිදුවී තිබෙන බවත් අඩුපාඩු අධිකරණයෙන් සැකසිය නොහැකි බවද, අධිකරණයට ඉදිරිපත්වෙන කරුණුමත අපරාධය ඔප්පු උනොත් උපරිම දඩුවම් නියම කිරීම සිදුකරනවා. පරිසර සංවිධාන ඉල්ලීම් කල පමණින්ම හැගීම් මත දඬුවම් ලබාදීමට අධිකරණයට නොහැකි බවද පවතින නෛයිතික රාමුවතුල උපරිම දඬුුවම ලැබෙන බව කුරුණෑගල පළාත්බද මහඅධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා අවධාරණය කලේය.

2017 වසරේ ඝාතනයවු ගල්ලමුවේ “දළ පූට්ටුවා” නැමති හස්තියාගේ “දළ යුගලය” වංචනිකව කපා සන්තකයේ සඟවා තබාගැනීම සම්බන්ධ ග්‍රාමනිළධාරිවරයෙකු ඇතුළු චුදිතයන් සිව්දෙනකුට එරෙහි නඩුවිභාගය ඉකුත් 19 දින කුරුණෑගල පළාත්බද මහඅධිකරණය හමුවෙි විභාගවු මොහොතේ, පැමිණිල්ලේ සහ විත්ති පාර්ෂවයේ නීතිඥවරුන් ඉදිරිපත්කල කරුණු මත මහඅධිකරණ විනිසුරුතුමා එසේ පවසා නැවත නඩු විභාගය 2027 ජනවාරි 25 දිනට චුදිතයන්ට අධිකරණයේ පෙනීසිටින ලෙස නියෝග කරන ලදී.

මෙම නඩුවිභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥවරියක් පෙනීසිටි අතර අගතියටපත් පාර්ෂය වෙනුවෙන් ශ්‍රි ලංකා වනඅලි සංරක්ෂණ පර්ෂදය, හුස්ම සංවිධානය සහ හෙටදවස උදෙසා මෙත්තා පදනම සත්ව සංවිධාන වෙනුවෙන්  නීතිඥ වින්ද්‍යා දිවුල්වැව,  නීතිඥ භාග්‍යා සෙනවිරත්න, නීතිඥ හංසනී පේමරත්න, නීතිඥ ධනංජය බණ්ඩාර, මාලක පල්ලිය ගුරුගේ යන නීතිඥ වරුන් පෙනීසිටියේය.

“මේ වන විට කාවන්තිස්ස හස්තියා ඝාතනය කර තිබෙනවා.  අග්බෝ හස්තියාට වෙඩි තබා ඝාතනය කොට කොට කර තිබෙනවා. මේ සිදුවීම් දාමයත් සැලකිල්ලට ගෙන තත්ත්වය මර්ධනය කිරීමට හැකියාව ඇත්තේ  නීතියේ ආධිපත්‍යයට පමණයි.

රටේ සිවිල් පුරවැසියන් බලාපොරොත්තු වෙන්නේ මේවාට සම්බන්ධ චූදිතයන්ට අධිකරණයෙන් ලබාදිය හැකි උපරිම දඬුවම් ලබාදීමෙන්ම පමණයි.

බලධාරීන්ගේ මුඛ පූට්ටු කරවූ දළ පූට්ටුවා – Humans EV

අලියා සහ ඇතා ඇමරිකාව, ජපානය, චීනය, ඕස්ට්‍රෙලියාව සහ රුසියාව විදේශිය රටවල ජීවත්වන සතෙකු නොවෙයි. මිහිපිට ජීවත්වන මේ දැවැන්තයා ජීවත්වනුයේ ශ්‍රි ලංකාව  පුංචි දුපතෙත් අසල්වැසී ඉන්දියාවේ සහ අප්‍රිකාවේ පමණයි. ඒත් ශ්‍රි ලංකාවේ වෙසෙන වන අලීන් අලංකාර සත්ව ඝනයට අයත් විශේෂවු හස්තියෙක්. මේ දැවැන්තයින්, රටට ඩොලර් උපයනවා පමණක්ම නොව රටේ පරිසරයේ සමතුලිතභාවය ආරක්ෂා කරගැනීමට ශ්‍රි ලංකාවට ලැබුණු ස්භාවික වටිනා සම්පතක්.  මේ සෑම හස්තියෙක්ම රටට ඩොලර් උපයන ස්භාවික සම්පතක්. වක්‍රාකාරව මේ වන අලි සම්පත රටේ ආර්ථිකය වර්ධනය කරන සම්පතක්. 2 014 සිට වර්ථමානය දක්වාම අලි, ඇත්තු විශාල සංඛ්‍යාවක් ඝාතනය ලක්වී තිබෙනවා.

මේ නඩුවේ ඇතාගේ දළ සන්තකයේ තබාගැණීම, සම්බන්ධයෙන් නඩු පවරා තිබෙනවා. ඇතාගේ දළ තියාගන්ඩ ඕනෑ ගමේ ග්‍රාමනිළධාරිගේ නිවෙසේ නොව ඇතා සන්තකයේ.

මේ සම්බන්ධයෙන් නිසි දඬුවම් නොලැබුනොත් මේ ස්භාවික සම්පත් අනාගත පරම්පරාවට අහිමි වේවී”

විත්තිය වෙනුවෙන් නීතිඥ ලක්මාල් රත්නායක මහතා අධිකරණය හමුවෙි පෙනී සිටියේය.

Leave A Comment