අතුරුදහන් වූවන්ට සාධාරණත්වය ඉල්ලන 36 වැනි වාර්ෂික අනුස්මරණය
අතුරුදහන් වූවන්ට සාධාරණත්වය ඉටු කිරීමට රජයට මතක් කර දීමේ අරමුණින් සහ යළි එවැනි අපරාධ සිදුවීම වළක්වා ගැනීම වෙනුවෙන් අතුරුදහන් වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණය සංවිධානය කර ඇත.
2026 ඔක්තෝබර් 27 අඟහරුවාදා, පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා රද්දොළුව අතුරුදහන් වූවන්ගේ ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අතුරුදහන් වූවන්ගේ පවුල්වල එකතුව (Families of the Disappeared) විසින් මෙය සංවිධානය කර ඇති අතර, අතුරුදහන් වූවන්ට සාධාරණත්වය ඉටු කිරීම වෙනුවෙන් මෙම අවස්ථාවට එකතු වන ලෙස සැමගෙන් සංවිධායක කමිටුව ඉල්ලා සිටී.

