මේ මාසයට අදාළව ගෑස් මිලෙහි වෙනසක් නෑ – ලිට්‍රෝ සමාගම කියයි

මේ මාසය සඳහා ගෘහස්ත ගෑස් මිලෙහි වෙනසක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසයි.එම සමාගම නිවේදනය කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ ද ගෑස් මිල වැඩි නොකරන බවයි.

ඒ අනුව කිලෝග්‍රැම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් තවදුරටත් රුපියල් 4365කට අළෙවි කරනු ඇති.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් අළෙවි වන්නේ රුපියල් 1750කටයි.

කිලෝග්‍රැම් 2.3 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 815කි.

Tags:

Leave A Comment