පළාත් 7ක යළි ඩෙංගු වැඩිවීමක්

පවතින වැසි තත්ත්වයත් සමග පළාත් 07ක ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, බස්නාහිර, දකුණ , සබරගමුව ඌව, උතුර , නැගෙනහිර, මධ්‍යම පළාත් වල ඩෙංගු වැඩි වී ඇති බවයි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 130ක පමණ මදුරු කීට ඝනත්වය වැඩි වී ඇති බවද ඔහු සඳහන් කළේ ය.

ඒ හේතුවෙන් ලබන 09 වනදා සිට 14 වනදා දක්වා දිස්ත්‍රික්ක 13ක විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

මේ වන විට මෙරටින් ඩෙංගු රෝගීන් එක් ලක්ෂ 5500ක් පමණ වාර්තා වෙයි.

ඩෙංගු මරණ සංඛ්‍යාව 79කි.

මදුරුවන් බෝවන පරිශ්‍ර විනාශ කර දමන්නැයි , ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙයි.

Leave A Comment