අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය ගැන තීන්දුව ලබන සතියේ
- Log2Bandara
- November 5, 2026
- බලශක්ති සහ විදුලිය
- විදුලි ගාස්තු
- 0 Comments
මේ වසරේ අවසන් කාර්තුව සඳහා වන යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වු අවසන් තීරණය එළැඹෙන සතියේදී ප්‍රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
එහි සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව වාචික මහජන අදහස් ලබාගැනීම අද(05) දිනයේ සිදුකිරිමට නියමිත බවයි.
මේ වසරේ අවසන් කාර්තුව සදහා 2.88%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදුකරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉල්ලීමක් සිදුකර තිබුණි.
අදාළ ඉල්ලීම පිළිබඳව සිදුකළ සමාලෝචනයට අනුව 1.46%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම යෝජනා කර තිබේ.
කෙසේවෙතත් අද දිනයේ මහජන අදහස් ලබාගැනීමෙන් අනතුරුව ඉදිරිපත් වන යෝජනා සහ අදහස් සැලකිල්ලට ගෙන යෝජිත විදුලි ගාස්තුව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේය.
“මෙහි ඉදිරිපත් කරන යෝජනා අදහස් සැලකිල්ලට ගෙන මහා භාණ්ඩාගාරයේ කොමිෂන් සභාව මූලික සමාලෝචන කටයුතු අවසන් කරලා, ඒ සම්බන්ධයෙන් නිරීක්ෂණ සහිතව උපදේශන පත්‍රිකාවක් ද නිකුත් කළා මහජන උපදේශනය සඳහා.ඒ මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ අවස්ථාව අද දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙනවා. මෙහිදී අදහස් දැක්වීම සඳහා විවිධ පාරිභෝගික කණ්ඩායම්, විදුලිබල ක්ෂේත්රයේ විවිධ සංවිධාන නියෝජනය කරමින් 40කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා ඉන්නවා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව සංශෝධනය පිළිබඳව අදහස් දැක්වීම සඳහා මෙම අදහස් දැක්වීමේ අවස්ථාව පෙරවරු 9ට ආරම්භ වී පස්වරු 2කට අවසන් වීමට නියමිතයි.මෙහිදී ඉදිරිපත් වන යෝජනා හා අදහස් සැලකිල්ලට ගෙන මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් අවසන් තීන්දුව ගන්නවා.ඒ තීන්දුව නොවැම්බර් දෙවැනි සතිය වගේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.”

