විදුලි බිල වැඩි කිරීම ගැන,මහජන අදහස් විමසීම අද සිට…

මේ වසරේ අවසන් කාර්තුවට අදාළව, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම අද (05) ආරම්භ වේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය ඉදිරි දින 6 ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම මේ වන විට 2.8%ක විදුලි බිල මිල වැඩිවීමක් ඉල්ලා තිබේ.

නමුත් පිරිවැය වාර්තා පිළිබඳ මූලික සමාලෝචනයකින් පසුව මහජන උපයෝගිතා කොමිසම දැනුම් දී ඇත්තේ 1.4% ක මිල වැඩි කිරීමක් ප්‍රමාණවත් බවයි.

Leave A Comment