කොළඹ වරාය නගරයට ප්‍රයිම් මෙල්වා ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කරයි
- Editor
- November 18, 2026
- ව්‍යාපාරික පුවත්
- 0 Comments
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිව හිමිව තිබේ.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීම පිණිස 2026-09-14 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, අදාළ වන බදුවලින් නිදහස් කිරීම් සහ දිරිගැන්වීම් ලබා දීමට හැකි වන පරිදි ප්‍රයිම් මෙල්වා (ප්‍රයිවට්) ලිමිටඩ් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කරමින් 2026-09-23 දිනැති හා අංක 2507/47 දරන අති විශෙෂ ගැසට් පත්‍රය මඟින් නියමයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී නියමය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

