සංචාරක කර්මාන්තයේ බදු බර අඩු කරමින්, ක්ෂේත්රයේ ඉදිරි ගමනට නව අවස්ථා
- Editor
- November 18, 2026
- සංචාරක සහ චාරිකා
- 0 Comments
සංචාරක ක්ෂේත්රයෙන් මෙතෙක් අය කළ සංචාරක සංවර්ධන බද්ධ මෙවර අයවැයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. එම ක්ෂේත්රය මෙතෙක් ද්විත්ව බදුකරණයට ලක්ව තිබුණු බවයි ඊයේ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 61 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
සංචාරක ක්ෂේත්රයට අභ්‍යන්තර හා බාහිර අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය. එවැනි අනපේක්ෂිත සිදුවීම් ඇති වුවත් දීර්ඝ කාලීන උපාය මාර්ගික සැලැස්මකට අනුව එම ක්ෂේත්රය ආර්ථිකයේ ඉහළම තැනකට ඔසවා තැබීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
සංචාරක කර්මාන්තයේ පැවැත්ම පෞද්ගලික අංශය සතු බව පැවසූ ඇමතිවරයා රජයේ වගකීම වන්නේ ඊට අවශ්‍ය ප්‍රතිපත්ති හා නීතිමය රෙගුලාසි සකස් කිරීමයි.
කුඩා හා මධ්‍ය පරිමාණ හෝටල් කර්මාන්ත කරුවන්ට හා අලුතින් බිහිවන ආපනශාලා හා සංචාරක ක්ෂේත්රය ද්විත්ව බදු කරනයෙන් නිදහස් වීම සහනදායී පියවරක් වේ.
ක්ෂේත්රය නගා සිටුවීමට අවශ්‍ය ශක්තිය රජයක් ලෙස ලබාදීමට සූදානම් බවද ඒ සඳහා අවශ්‍ය කැපවීම, ක්ෂේත්රයේ සියලු දෙනාගේ සහභාගීත්වය, කර්මාන්තයේ නගා සිටුවීමට රුකුලක් වන බවද ඇමතිවරයා පැවසුවා.
මේ අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, තානාපතිවරුන්, හෝටල් ක්ෂේත්රයට සම්බන්ධ රජයේ හා පෞද්ගලික ආයතනයන්හි නිලධාරීන් රැසක් ද එක්විය.


