
හේමාස් සමාගම රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමකින් සිය නවීනතම රෝහලකට මුල්ගල තබයි
- Sujeewa Senerath
- October 7, 2025
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- health, hemas-hospital
- 0 Comments
මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා කැපවෙමින් හේමාස් සමාගම තලවතුගොඩදී සිය නවීනතම අංගසම්පූර්ණ තෘතීයික සත්කාර පහසුකම් සහිත රෝහල ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා මුල්ගල තැබීම පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
හේමාස් සමාගම සිය සමූහයේ මේ දක්වා කර ඇති වඩා අභිලාෂකාමී ආයෝජනවලින් එකක් ලෙස පෙන්වා දෙන මෙම රෝහල රුපියල් බිලියන 10 ක ප්‍රාග්ධන වියදමකින් ඉදිකිරීමට යෝජිතය.
සෞඛ්‍ය සේවා වෘත්තිකයන් 900 කට ආසන්න සංඛ්‍යාවකට මෙමගින් රැකියා අවස්ථා සැලසුම් කර ඇති අතර, නේවාසික ඇඳන් 150 දක්වා එහි ධාරිතාව දෙගුණ කර ඇත. නවීන හදිසි සත්කාර ඒකක, ශල්‍යාගාර සහ විශේෂිත විශේෂඥ සේවා සපයන මධ්‍යස්ථාන හඳුන්වා දීම ද මෙහි අභිලාෂක් වන අතර, “සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ අනාගතයට නව අරුතක්” යන තේමාව යටතේ මුල්ගල් තැබීමේ උත්සව අවස්ථාව සංවිධානය කර තිබුණි.
හේමාස් සමාගම ඉහළම මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සඳහා ප්රවේශවීමක් සනිටුහන් කරන වැදගත් ආයෝජනයක් සිදු කර ඇති බවත්, ජාතික සෞඛ්‍ය පද්ධතියට ශක්තියක් වෙමින් ජාත්‍යන්තර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව සිය සේවාවන් පුළුල් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී පැවසීය.
ව්‍යාපාරික ප්‍රජාව මෙරටෙහි ආයෝජනය සඳහා තබා ඇති විශ්වාසය මෙයින් සනිටුහන් වන බවත්, මෙම රෝහල තුළින් මෙරට ප්‍රථම වරට රොබෝ සැත්කම් හදුන්වාදීම ඇතුළු අති නවීන වෛද්‍ය තාක්ෂණයෙන් සමන්විත පහසුකම්, හෘද රෝග ස්නායු විද්‍යාව, ආමාශ අන්ත්‍ර විද්‍යාව, විකලාංග වෛද්‍ය විද්‍යාව ඇතුළු වඩාත් විශේෂිත සත්කාර ලබාදීමට සැලසුම් කර ඇති බව ද පැවැසීය.
එමෙන්ම සුවපහසුව, සුවය, ආරක්ෂාව සඳහා නිර්මාණය කර ඇති අවකාශයන් සියල්ල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනූකූලව සකස් කිරීමට පියවර ගෙන ඇති බව පෙන්වා දෙන ලද අතර, මෙම ව්‍යාපෘතිය රජයේ ප්‍රතිපත්තියට හා ජාතික සෞඛ්‍ය උපාය මාර්ගයට අනූකූල වන බවත්, උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරිම, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය දිරිමත් කිරීම, බෝ නොවන රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරිම මෙන්ම තෘතීයික සත්කාරවල ධාරිතාව වැඩිදියුණු කිරීම, රැකියා, නවෝත්පාදන සහ ආර්ථික ස්ථාවරයේ දේශිය හා ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්රයේ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණූ බව ද පෙන්වා දෙන ලදි.
මෙරට සෞඛ්‍ය සේවා ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා දිගුකාලීන කැපවීම වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍යරයා මෙහි දී සිය කෘතඥතාවය ද හේමාස් සමූහයට සහ වෛද්‍ය වෘත්තිකයින්ට, නියාමන, සැලසුම් හා මුල්‍ය ආයතනවලට පිරිනමන ලද අතර, මෙම ව්‍යාපෘතිය හුදෙක් ආකර්ශණීය ගොඩනැගිල්ලක් පමණක් නොවන බවත්, අඛණ්ඩ ඉගෙනීමේ, නවෝත්පාදනයේ, සේවාවේ සහ බලාපොරොත්තුවේ ජීවමාන ආයතනයක් බවට පත්වනු ඇති බව ද පැවසීය.
හේමාස් රෝහල් කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා මෙම උත්සවයේ දී පැවසූවේ මෙම ව්‍යාප්තිය මගින් රෝහලකින් ඔබ්බට ගිය අධ්‍යාපනය සහ නවෝත්පාදනයේ කේන්ද්‍රස්ථානයක් බිහි කිරීම සමූහයේ සැලසුම බවයි. මෙම පහසුකම මගින් ශ්‍රී ලංකාවේ පළමු රොබෝ සැත්කම් පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙනු ඇති බවත්, එමඟින් අනාගත පරපුරේ වෛද්‍යවරුන්ගේ උසස් ශල්‍ය කුසලතාවන් ඔප් නංවනු ඇති බවත්, එය පර්යේෂණ, ඩිජිටල් සෞඛ්‍ය ඒකාබද්ධ කිරීම සහ දැනුම බෙදා ගැනීමේ හවුල්කාරීත්වයන් සඳහා ද සහාය වෙමින් රෝහල් පරිශ්‍රයෙන් පිටතට විහිදුනු ප්රතිලාභ ලබා දෙන බවට සහතික කරන බවයි.
හේමාස් සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ සභාපති මුර්තසා යුසුෆ්මලි මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය මගින් හේමාස් රෝහල් ජාලය ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ඉහළ කැපවීම පිළිබිඹු කරන බවත්, නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ප්‍රජාවන් වෙත සෞඛ්‍ය සේවා ප්‍රවේශය ප්‍රවර්ධනය කිරීම සහ අප දේශය, නැගී එන කලාපීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම මෙමගින් සිදුවනු ඇති බවයි.
හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශිෂ් චන්ද්‍රා මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඖෂධ, ශල්‍යකර්ම සහ රෝග නිශ්චය බෙදාහැරීම සහ නිෂ්පාදනය මෙන්ම ප්‍රාථමික, තෘතීයික සහ නිවෙසේ දී සත්කාර යන සියලූ අංශවල ශක්තිමත් පැවැත්මක් ඇති හේමාස් සමූහය ශ්‍රී ලංකාවේ විශාලතම සෞඛ්‍ය සේවා සමූහය බවයි. සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම ජීවිත සවිබල ගැන්වීමේ අරමුණ පෙරදැරීව, සැමට විවෘත සහ දැරීය හැකි මිලකට ගෝලීය මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කැපවන බවයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ප්රමිතීන් ඉහළ නැංවීම උදෙසා ව්‍යාප්ත කරන ලද මෙම රෝහල් ජාලය ජාතික සෞඛ්‍ය සේවා අංශයට ප්‍රථම වරට හඳුන්වාදීම් රැසක් එක් කරනු ලබන අතර, නිරවද්‍ය හෘද ප්‍රතිකාර සඳහා අති නවීන හෘද සැත්කම්, පුළුල් කරන හෘද රෝග ප්‍රතිකාර සහ හදිසි හෘද සත්කාර පහසුකම්, අවම කැපුම්, වේගවත් සුවය සහ රෝගීන් හට වැඩිදියුණු කළ ආරක්ෂාව ලබා දෙන මෞත්‍ර ලිංගික රෝග සහ විකලාංග වෛද්‍ය විද්‍යාවේ රොබෝ සැත්කම්, ස්කෝලියෝසිස් ප්‍රතිකාර කිරීම සහ එන්ඩොස්කොපික් කොඳු ඇට පෙළ සැත්කම් ඇතුළුව පුළුල් කොඳු ඇට පෙළ සත්කාර, සංකීර්ණ මාංශ පේශි තත්වයන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා යන දෙකටම සහාය වන කැපවූ විකලාංග කම්පන සහ ක්‍රීඩා වෛද්‍ය ඒකකයක්, අවම කැපුම්, සහ රොබෝ ශිල්පීය ක්‍රම ඇතුළත් උසස් මට්ටමේ වකුගඩු සහ ආමාශ ආන්ත්රික සැත්කම් මේ අතර වේ.
මෙම අවස්ථාවට හේමාස් රෝහල් කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය ලකිත් පීරිස්, හේමාස් සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ සභාපති මුර්තසා එසුෆලි, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අශිෂ් චන්ද්‍රා, අධ්යක්ෂ සාමාන්‍යාධිකාරී වෛද්‍ය ප්‍රදීප් එච්වඩ්, යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන්, උපදේශකයින්, අධ්යක්ෂ මණ්ඩලය සහ හේමාස් සමූහ නායකත්ව කණ්ඩායමේ සාමාජිකයින් ද සහභාගී විය.