එක්ස්පෝ 2026 ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයට ලාංකික අපනයනකරුවන්ට අයදුම් කිරීමට අවස්ථාවක්
- Editor
- March 10, 2026
- ව්‍යාපාරික පුවත්
- 0 Comments
දේශීය ව්‍යාපාර ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ ආයෝජකයින් සමඟ සම්බන්ධ කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන ‘ශ්‍රී ලංකා එක්ස්පෝ 2026’ (Sri Lanka Expo 2026) ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ප්‍රකාශයට පත් කර ඇත. මෙම දැවැන්ත ප්‍රදර්ශනය 2026 ජූනි 18 සිට 21 දක්වා දින හතරක් පුරා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ (BMICH) දී පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනයට සහභාගී වන දේශීය අපනයනකරුවන්ට ගෝලීය ගැනුම්කරුවන් සහ ආයෝජකයින් 1,500 කට අධික සංඛ්‍යාවක් හමුවීමට අවස්ථාව සැලසේ. මීට අමතරව, කලින් සංවිධානය කරන ලද ව්‍යාපාරික හමුවීම් සදහා විභව ගැනුම්කරැවන් සමග සම්බන්ධ වීමට ද ප්‍රදර්ශකයන්ට අවස්ථාව හිමිවේ.
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයේ විවිධත්වය විදහා දක්වන ලෙස විවිධ ක්ෂේත්‍ර යටතේ ප්‍රදර්ශන කුටි 650ක් ශ්‍රී ලාංකික අපනයනකරුවන්, අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර සහ අපනයන විභවයක් ඇති සමාගම් සඳහා වෙන් කර ඇත.
කාර්මික නිෂ්පාදන යටතේ ඇඟලුම්, රෙදිපිළි සහ විලාසිතා,රබර්, ප්ලාස්ටික් සහ රසායනික නිෂ්පාදන,මැණික් සහ ස්වර්ණාභරණ,ඉංජිනේරු සහ මෝටර් රථ උපාංග,බෝට්ටු, නැව් තැනීම සහ සමුද්‍රීය සේවා, විදුලි සහ විද්‍යුත් නිෂ්පාදන, ඛනිජ සහ ඛනිජ ආශ්රිත නිෂ්පාදන, තෑගි භාණ්ඩ, අත්කම් නිර්මාණ,ඖෂධ නිෂ්පාදන,මුද්‍රණ සහ ඇසුරුම්කරණයයන ක්ෂේත්‍ර ඇතුළත් වේ.
කෘෂි කාර්මික නිෂ්පාදන යටතේ තේ, කුළුබඩු සහ සාන්ද්‍රණ ,පොල් ආශ්රිත නිෂ්පාදන ,මුහුදු ආහාර / පරිභෝජනයට ගත හැකි මත්ස්‍ය නිෂ්පාදන, සැකසූ ආහාර සහ පාන වර්ග, ආයුර්වේද, ශාකසාර සහ රූපලාවන්‍ය නිෂ්පාදන, කැපූ මල් සහ පත්‍රිකා, විසිතුරු මසුන්, පලතුරු සහ එළවළු යන ක්ෂේත්‍ර ඇතුළත් වේ.
අපනයන සේවා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය / ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය, සංචාරක කර්මාන්තය, ප්‍රවාහන හා කාර්යෝපාය සේවා, ඉදිකිරීම් සහ පුනර්ජනනීය බලශක්තිය, සුව සේවා සහ සෞඛ්‍ය සේවා, වෙනත් සේවා යන ක්ෂේත්‍ර ඇතුළත් වේ.
ශ්‍රී ලාංකික අපනයනකරුවන්, අපනයන ඉලක්ක කරගත් ව්‍යාපාර සහ අපනයන විභවයක් ඇති සමාගම් සඳහා මේ සඳහා අයදුම් කළ හැකිය. ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව සීමිත බැවින් සුදුසුකම් ලබන්නන් තේරීම තරඟකාරී පදනමක් මත සිදු කෙරේ.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 මාර්තු 31 වන අතර, තේරී පත්වන පාර්ශවයන්ට 2026 අප්‍රේල් මස මුල් සතියේදී ඒ පිළිබඳව දැනුම් දෙනු ලැබේ.
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා පහත නිලධාරීන් සම්බන්ධ කර ගත හැක. කාර්මික නිෂ්පාදන සඳහා ඉන්දික සුගතදාස (0718246762 | indikas@edb.gov.lk), කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ජයනී ගලගෙදර (0710391184 | jayani@edb.gov.lk), සහ සේවා අංශය සඳහා ඩිෂාන්ට් යාපා (0772953717 | dishant@edb.gov.lk) අමතන්න. පොදු විමසීම් සඳහා expo@edb.gov.lk විද්‍යුත් ලිපිනය හරහා හෝ 0772 255 647, 0777 788 313, 0718 220 152 යන දුරකථන අංක මගින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සම්බන්ධ කර ගත හැකිය.
