නාරායන ගුරු ස්වාමි ශ්‍රී ලංකාවට පැමිණීමේ සියවස සමරයි

ජාති,ආගම්,කුල සහ සියලු බෙදීම්වලට එරෙහිව ඉංදියාවේ කේරළයේ පසුගිය සියවස මුල් භාගයේ දැවැන්ත විප්ලවීය සමාජ ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයක් ගෙන ගිය,එම නිසාම  මලයාලම් ජනතාවගේ ගෞරවනීය ආගමික නායකයකු , ආගමික ශාස්තෘෘවරයෙකු ලෙස මලයාලි ජනතාව ගෞරවයෙන් සලකන ශ්‍රී  නාරායන ගුරු ස්වාමිතුමන්ගේ දෙවන ශ්‍රී ලංකා ගමනේ (1926) සියවස් සමරු සමුළුව සහ ශ්‍රී නාරායන ගුරු ලෝක කවුන්සිලයේ වාර්ෂික සමුළුව  (24) ඊයේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්  නාරායන ගුරු ස්වාමි ශාලාවේදී පැවැත්වුණි.

කේරලයේ නාරායන ගුරු ස්වාමිතුමා ජීවත් වූ කේරළයේ වර්කල් හි ශිවගිරි ආශ්‍රමාධිපති සහ නාරායන ගුරු ශාසනයේ වත්මන් මහා ගුරු  ශුද්ධෝත්තම ආචාර්ය ශ්‍රී ස්වාමි සචිදනදාජි තුමන්ගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව සහ උත්සවය පැවැත්වුණි.

ලෝකයේ විවිධ රටවල සිටින නාරායන ගුරු සභා නියෝජිතයන් සහ නාරායන ගුරු ලෝක කවුන්සිලයේ සභාපති ශ්‍රී එස්.සුවර්ණකුමාර් මහතාගේ සහභාගිත්වයෙන් පැවති මෙම සමුළු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීන් මනෝ ගනේෂන් මහතා සහභාගි විය.

නාරායන් ගුරු ස්වාමිතුමන්1918 සහ 1926 දී මෙරටට පැමිණ ඇත.මෙරටට පැමිණ නාරායන් ගුරු ස්වාමිතුමන් කොළඹ 14 ජේතවන පාරේ අත්හැර දමා තිබූ කුඩා ඉඩමක මඩුවක් තනාගෙන ජීවත් වී ඇත.පසුව  එකල මෙරට සිංහල බෞද්ධ ජනතාව සහ මෙරට මලයාලම් ජනතාව එකතුව එම ස්ථානයේ නාරායන ගුරු ස්වාමි ශාලාව ඉදිකර ඇත. මෙරට සහ ඉන්දියාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා සමඟ සමීපව  කටයුතු කළ නාරයන් ගුරු ස්වාමිතුමන් බුදු දහමට බෙහෙවින් ගරු කළ අයෙකි.ඔහුගේ දහම සියළු ආගම්වල සාරයෙන් එකමුතු වූ ලෝකයේ සියළු බෙදීම්වලට එරෙහි වූ දර්ශනයක් බවත්, එම දර්ශනයේ පදනම වන්නේ එකම ආගමක්, එකම ජාතියක්, එකම කුලයක් යන්න බව ශුද්ධෝත්තම ආචාර්ය ශ්‍රී ස්වාමි සචිදනදාජි තුමන් මෙහි දී පැවසූහ.

ලෝකයේ භාෂා (99) අනූ නවයකට  පරිවර්තනය කර තිබූ නාරායන ගුරු ප්‍රධාන වන්දනා ගීතිකාව වන “දෛවකාක්ෂම්” ස්ත්‍රෝතය මලයාලම් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කර ලෝකයේ භාෂා සියයකට පරිවර්තනය කර ඇති එකම වන්දනා ගීතිකාව ලෙස  ලෝක ගිනස් වාර්තාවක් බවට එග එම ගීතිකාව පත්කළ,  ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රසන්නා සුරේෂ් මහත්මිය ඒ උදෙසා ඉටුකළ  සේවය මෙහි දී ලෝක නාරායන ගුරු කවුන්සිලයේ විශේෂ ඇගයීමට ලක් විය.

ශ්‍රී ලංකාවේ ශ්‍රී නාරායන ගුරු සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු භාෂා පරිවර්තක ප්‍රවීණ ලේඛක එම්.කේ. රාහුලන් මහතාට සහ සංගමයේ උප සභාපති සුරේන්ද්‍ර මාධවන් යන අය ඉටුකරන සේවය ද මෙහිදී විශේෂ ඇගයීමට ලක් විය.

මෙම අවස්ථාවට බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් පූජ්‍ය පක්ෂය එක්වූහ.

මෙහි දී ප්‍රදේශයේ සියලු ආගම් නියෝජනය කරන පාසල් දරුවන්ට පාසල් පොත් සහ උපකරණ කට්ටල බෙදා දීම ද සිදුවිය.

Leave A Comment