සෞඛ්‍යට නව අධ්‍යක්ෂකවරුන් පත්කරයි
පසුගිය වසර එකහමාරක කාලය තුළ කාර්යක්ෂම, විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන අතර අමාත්‍යාංශය සිදුකළ වැදගත්ම පියවරක් වශයෙන් මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරුවලට අදාළ පුරප්පාඩු පිරවීම හඳුන්වා දියහැකි බවත්, එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැරවුම්ලක්ෂයක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කර සිටියේ ය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ, මහනුවර, ගාල්ල ජාතික රෝහල් ත්‍රිත්වයේ අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයට නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් නවදෙනෙකු පත් කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිණි. පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (11) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.
කොළඹ, මහනුවර සහ ගාල්ල ජාතික රෝහල්වල අධ්‍යක්ෂ තනතුරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන රැසක දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පිරවීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගිය මැයි මස සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම බඳවා ගැනීම් සිදුකිරීමට අදාළ කටයුතු සිදු කෙරුණි.
වසර 7-8 ක් වැනි දීර්ඝ කාලයක් මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු පුරප්පාඩුව පැවතීම හේතුවෙන් රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල පරිපාලන සහ කළමණාකරන කටයුතු අඩාලවීමට ද එය හේතුවක්ව පැවතිණි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ඒ යටතේ පාලනයවන රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවයේ නියුතු මෙම ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයන් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් සහිත නිලධාරීන්වන අතර ඔවුනට හෙට සිටම ක්‍රියාත්මකවන පරිදි මෙම පත්වීම් ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනාගත ප්‍රගමණය වෙනුවෙන් ගෙවුණූ කෙටිකාල පරිච්ඡේදය තුළ බොහෝ වැඩ කටයුතු ඉටු කළ බවත් ඒ සියල්ල අතර ප්‍රමුඛතම සහ වඩාත් වැදගත්ම අවස්ථාවක් ලෙස මෙම නව පත්වීම් පිරිනැමීම තමා සලකන බවත් සඳහන් කළේ ය.
පසුගිය වසර එක හමාරක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉටු කළ කාර්ය භාර්ය තුළ සිදු කරනු ලැබුයේ බොහෝ දේවල් පිළිසකර කිරීම බව පැවසූ අමාත්‍යවරයා එම කටයුතු සැලකිය යුතු මට්ටමකින් මේ වනවිට අවසන් කර වැඩකිරීම සඳහා මනා පදනමක් සකස්කරගෙන ඇති බවත්, එම පදනම මත ඉදිරි කටයුතු ගොඩනැගීමේ කාර්යයේ ප්‍රමුඛතම කාර්ය භාර්යක් ඉටු කිරීමේ වගකීම මෙම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට පැවරෙන බව පැවසීය.
වර්ෂ 2024න් පසු රජයක් ලෙස සම්මත කළ සමහර නීති, රෙගුලාසි තුළින් නිවැරදිව පරිපාලන කටයුතු ඉටු කිරීමේ පැහැදිලි තත්ත්වයක් මේ වනවිට උදාවී ඇති බව මෙහි දී සදහන්කළ ඇමතිවරයා මේ සියල්ලේම එකතුවෙන් ඉදිරියේ දී කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද සඳහන්කර සිටියේය.
රටක් ලෙස මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ගුණාත්මක පියවරක් තැබීමට නායකත්වය දුන් කණ්ඩායම බවට මෙම කණ්ඩායම පත්විය යුතු බවත්, එහි දී පෞද්ගලිකව කිසිවෙකුටත් ඉස්මතු වීම අවශ්‍ය නොවන අතර කණ්ඩායමක් ලෙස ලැබෙන සතුටින් උපරිම අගයක් එක් කරගන්නා ලෙසත්, ඉල්ලා සිටියේ ය.
රාජකාරී කටයුතු සිදු කිරීමේ දී කිසිදු දේශපාලන බලපෑමක් සිදුනොකරන බවත්, ස්වාධිනව රාජකාරී කටයුතු ඉටු කිරීමේ පරිසරය නිර්මාණය කර ඇති බවත් බවත් අමාත්‍යවරයා මෙහි දී විශේෂයෙන් සඳහන් කරනු ලැබීය.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් යනු සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොදුනාරටිය බව මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. මෙම නිලධාරීන් අත්දැකීම් බහුල නිලධාරීන් බවත් තමන්ම පැවරෙන වගකීම තුළ මෙරට ජනතාව වෙනුවෙන් ඔවුනගේ සේවය නිසි පරිදි ඉටුකිරීමට වගබලාගන්නා මෙන්ද ලේකම්වරයා ඉල්ලීමක් කර සිටියේය.
මෙහි දී අමාත්‍යවරයා අතින් විශේෂඥ වෛද්‍ය එම්.කේ.එස්.ඉන්දික කුමාර මහතා ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය පී.ඩී.එස්. කිරිවන්දෙනිය මහත්මිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) I, විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා), විශේෂඥ වෛද්‍ය කේ.ඩී.පී.විජේසිංහ මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (අධ්‍යාපන,පුහුණු හා පර්යේෂණ), විශේෂඥ වෛද්‍ය කේ.ඒ.ඩී.ඩී.වී.එල්. කුමාරපේලි මහත්මිය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) II, විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ගාල්ල ජාතික රෝහල , විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ.එල්. රණවීර මයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සැපයීම්), විශේෂඥ වෛද්‍ය එම්.එන්. වීරසූරිය මයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මහනුවර ජාතික රෝහල සහ විශේෂඥ වෛද්‍ය එච්.එම්.ඒ. තිලකරත්න නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කරන ලදී.
මෙම අවස්ථාවට අතිරේක ලේකම්වරුන්වන විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, ජනක කිත්සිරි ගුණවර්ධන, චාමික එච්. ගමගේ, කේ.පී. යෝගචන්ද්‍ර සහ සමන්ති රණසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.
