ඇමරිකාවේ ප්‍රබල සුළි කුණාටු බලපෑම දරුණු වෙයි

‘අයිසියාස්’ (Isaias) සුළි කුණාටුව ෆ්ලෝරිඩා සහ දකුණු ඇලබාමා වෙත කඩා වැදීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් ඇති අතර, 396,000කට ආසන්න පිරිසකට විදුලිය විසන්ධි වී ඇත.  ගංවතුර සහ ටොනේඩෝ අවදානම කුණාටුව උතුරු දෙසට ගමන් කිරීමත් සමඟ ජෝර්ජියා, කැරොලිනා සහ වර්ජිනියා යන ප්‍රදේශවලට අධික වැසි, හදිසි ගංවතුර තත්ත්වයන් සහ ටොනේඩෝ ඇතිවීමේ අවදානමක් නිකුත් කර ඇත.  කලාපයේ වෙනත් කුණාටු පැසිෆික් සාගරයේ සක්‍රිය වූ ‘සයිමන්’ …

Continue Reading

ජිබුටි(Djibouti) වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටු අනතුරකින් ළමයින් ඇතුළු සංක්‍රමණිකයන් 139 දෙනෙකු ජීවිතක්ෂයට

නැගෙනහිර අප්‍රිකාවේ ජිබුටි (Djibouti) වෙරළට ඔබ්බෙන් 300 කට වැඩි සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී යාමෙන් ළමයින් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙකු මියගොස් ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) ඉරිදා ප්‍රකාශ කළේය.

Continue Reading

​සන්ධ්‍යා එක්නැලිගොඩට එරෙහි වෛරී ප්‍රකාශන මාධ්‍ය සංවිධාන හෙළා දකියි

​ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරදඬුවම් විඳීම සඳහා නැවත බන්ධනාගාරගත කිරීමෙන් පසුව, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගනිමින් දියත් කර ඇති අපහාසාත්මක, සහ ප්‍රචණ්ඩත්වයට අනුබල දීමේ ප්‍රචාරණය මාධ්‍ය සංවිධාන සාමූහිකයක් ලෙස අප දැඩි ලෙස හෙළා දකිමු. මෙම ප්‍රචාරණ ව්‍යාපාරය මගින් ගොඩනැගෙන වාතාවරණය එක්නැලිගොඩ මහත්මියගේ ආරක්ෂාව අවදානමකට ලක් කිරීමේ තත්ත්වයකට සීමා නොවන බව අපගේ නිරීක්ෂණයයි.

Continue Reading

මෙල්බර්න් විහාරස්ථානයකදී ‘දැරියන් 6 දෙනෙකු අපයෝජනය කළ’ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවම්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පිහිටි සිය විහාරස්ථානයේදී බාල වයස්කාර ගැහැනු දරුවන් 06 දෙනෙකු ලිංගිකව අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමියන්ට වසර 13ක් සහ මාස 2ක සිරදඬුවමක් නියම කර තිබේ.

Continue Reading

භික්ෂූන් වහන්සේලා රඳවන්න නව නීති සකසන්න – මගේ කැමැත්ත නීතිය බවට පත් නොවිය යුතුයි – ජනාධිපති

ජනපති සහ මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Continue Reading

මහරගම අපේක්ෂා CT Simulator යන්ත්‍රය අක්‍රීය වී මාස 4ක් – රෝගීන් පෝලීමේ

මහරගම අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් – CT Simulator යන්ත්‍රය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් 1500 ට ආසන්න ප්‍රමාණයක්   පොරොත්තු ලේඛනයේ සිටීමට සිදුව ඇත.

Continue Reading

අනෝජන් සිවරාසා මහතා නිදහස් කරගැනීමට නිති ප්‍රතිපාදනවලට අනුකූලව සෑම පියවරක්ම ගනිමින් ඉන්නවා – අමාත්‍ය විජිත හේරත් (Video)

දැනට සවුදි අරාබිය රාජධානියේ මරණ දඬුවම නියම කර ඇති ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසා මහතා සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතුවල සංවේදී ස්වභාවය සැලකිල්ලට ගනිමින්, එම කටයුතුවල ප්‍රගතිය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (07) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළේය.

Continue Reading

පීඑස්ටීඒ පනත් කෙටුම්පත (PSTA) එය සැකසූ කමිටුවේ නිර්දේශවලින් පිට පැනලා – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (පීඑස්ටීඒ), එය සකස් කිරීමට රජය විසින් පත්කරන ලද කමිටුව එකඟවූ කාරණාවලට වෙනස්ව නැවත සකස් කර ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ප්‍රකාශ කරයි.

Continue Reading

යෝජිත ජල භීතිකා රෝගය තුරන් කිරීමේ පනතින් පොලිස් බලතල ඉවත් කිරීම භයානක තත්තවයකි  – GMOA

ජල භීතිකාව වැළඳී ඇතැයි සැක සිතන,  ජනතාවට තර්ජනයක් වෙමින් සපා කමින් හැසිරෙන සුනඛයන් වුව ද ඉවත් කිරීමට පොලිසියට ඇති බලතල යෝජිත නව පනතින් ඉවත් කිරීම ඉතාම භයානක තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

Continue Reading