මහින්දාගමනය විද්‍යාත්මක සත්‍යයකි (මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට පිළිතුරක්) ; අජිත් අමරසිංහ

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මැතිතුමා යූ ටියුබ් චැනලයක මීට මාස කිහිපයකට පෙර කරන ලද සාකච්ඡාවක් පිලිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල විවිධ මත පළවෙමින් පවතී. අද ලංකාවේ සාමාන්‍යයෙන් සිදුවන්නාක් මෙන් මෙවන් කරුණක් සම්බන්ධයන් සිදුවන සාකච්ඡා තම තමන්ගේ පුද්ගලික අදහස් වලින්, අපහාස , අවලාද, මඩ ප්‍රහාර වලින්  ඔබ්බට  නොගොස් එකතැන පල්වෙමින් පවතී.

Continue Reading

ලාංකීය ගීත ක්ෂේත්‍රයේ නොමියෙන දෝංකාරය; විශාරද ආචාර්ය නන්දා මාලිනීය වෙත උපහාරයක්

ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ හා වඩාත් ගෞරවනීය ගායිකාවක් වන සංගීත විශාරද ආචාර්ය නන්දා මාලිනී – ශ්‍රී ලාංකේය ගීත කලාවේ සමස්ත යුගයක් සනිටුහන් කළ සහ “ජාතියේ ස්වර්ණමය හඬ” ලෙස ගෞරවයට පාත්‍ර වූ කලාකාරිනිය – ඇගේ 83 වන උපන්දිනයට දින තුනකට පෙර ජීවිත ගමනට සමු දුන්නාය. දශක හතකට ආසන්න කාලයක් ඇය තම හඬින් මේ රටේ ජනතාවගේ හදවත් පෝෂණය කළ අතර, ඇගේ අභාවය …

Continue Reading

සාංචි හි බෞද්ධ උරුම සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් බ්‍රික්ස් නියෝජිතයෝ මවිතයට පත් වෙයි

ක්‍රි.පූ තුන්වන සියවසේ අශෝක අධිරාජයා ඉදිකළ වර්තමාන යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සාංචි පුදබිමට පසුගියදා (08) පැමිණි (BRICKS) බ්‍රික්ස් රටවල නියෝජිතයෝ එහි පොහොසත් බෞද්ධ උරුමයන්,ඓතිහාසික කතාන්දරයන් ගෙන් සහ ගෘහ නිර්මාණ ශිල්පයෙන් මවිතයට පත් වෙති.

Continue Reading

යුක්තිය පසඳලීමට අපරාධය දඬුවමක් කරගැනීම – ජයශ්‍රී ප්‍රියලාල්

සමාජ සාධාරණත්වය සමබර කරගෙන පවත්වාගෙන යාමට යුක්තිය ඉටුකරගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව පවත්වාගෙන යාම පාලකයින්ගේ මූලික වගකීමක් යන්න අමුතුවෙන් සටහන් කලයුතු නොවේ. පොදුජනතාවට හිමි යුක්තිය ඉෂ්ට කරගැනීම උදෙසා ඇති අභියෝග සහ අධිකරණ පද්ධතිය මත පැටවී ඇති වගකීම පිලිබද සංඛ්‍යා ලේඛන සහ දත්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා දත්ත සංඛ්‍යා ලේඛණ මගින් පෙන්වා දී ඇත.

Continue Reading

වීදි බල්ලො කියල ජාතියක් සිටිය යුතු නැහැ

බල්ලා තමයි මනුස්සයා නැතුව ජීවත් වෙන්න බැරි ලෝකෙ ඉන්න එකම සතා. ඒ අනුව මනුස්ස භාරකාරයෙක්ගෙන් තොර බල්ලන් ඉන්න බැහැ. මේක තව විදියකට කියනවා නම් හැම බල්ලෙක්ටම භාරකාරයෙක් ඉන්න ඕනේ. ඒ බල්ලගේ සම්පූර්ණ වගකීම ඒ භාරකාරයා දරන්න ඕනේ.

Continue Reading

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස: පොදු යහපතද?  බලය පිළිබඳ පරීක්ෂණයක්ද?

ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් මේ දිනවල මතුව ඇති විවාදය බැලූ බැල්මට තවත් එක් ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡාවක් ලෙස පෙනියා හැකිය. එහෙත් එයට යටින් ඇත්තේ ඊට වඩා බරපතළ ප්‍රශ්නයකි.

Continue Reading

දූෂණය: එය ඔබව පාලනය කිරීමට පෙර ඔබ එය පාලනය කරන්න – ලයනල් බෝපගේ

දූෂණය යනු අලුත් යමක් නොවේ. හිඟ සම්පත් කෙරෙහි මිනිසුන්ට බලපෑමක් ඇති සෑම තැනකම එය දක්නට ලැබේ. කිසිදු රටක්, මතවාදයක් හෝ දේශපාලන ක්‍රමයක් මෙයින් නිදහස් නැත. එය “හොඳ නායකයෙකුට” ඉතා පහසුවෙන් අතුගා දැමිය හැකි දුර්ලභ ගනයේ වැරැද්දක් නොවේ. එය දිනපතා කළමනාකරණය කළ යුතු නිරන්තරවම පවතින අවදානමකි.

Continue Reading

විනිසුරු අසුනෙන් ඔබ්බට: විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳ සංවාදය නීතිඥයන්ට පමණක් නොව ජනතාවටද අයිති වන්නේ ඇයි? – ලයනල් බෝපගේ

2026 ජූලි 27 වන දින, ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ සෑම මට්ටමකම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස වසර දෙකකින් ඉහළ නැංවීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ යන අතර මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සඳහාද ඊට අනුරූප කාලදීර්ඝ …

Continue Reading

මාධ්‍ය නිදහසට එරෙහිව සුදු ඇඳගෙන එන ආණ්ඩුවේ කෙටුම්පත – සුනිල් ජයසේකර

ශ්‍රී ලංකාවේ සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රයටම අතිශයින්ම තීරණාත්මක විය හැකි පියවරකට යොමුවීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන ආකාරයක් පෙනෙන්නට තිබේ.

Continue Reading

‘සමාගම්වල විජ්ඡාවට රැවටීම නිසා වී ගොවීන් සතු විද්‍යාත්මක දැනුම අවලංගු වුණා: මේ ගැටලු සේරටම මුල ඒකයි’

ටෙරන්ස් ගාමිණි, අනුශාසක, දේශීය බීජ සුරැකීමේ සංවිධානය

Continue Reading