සංචාරක කර්මාන්තයේ බදු බර අඩු කරමින්, ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට නව අවස්ථා

සංචාරක ක්ෂේත්‍රයෙන් මෙතෙක් අය කළ සංචාරක සංවර්ධන බද්ධ මෙවර අයවැයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි. එම ක්ෂේත්‍රය මෙතෙක් ද්විත්ව බදුකරණයට ලක්ව තිබුණු  බවයි ඊයේ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 61 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.

Continue Reading

කොළඹ වරාය නගරයට ප්‍රයිම් මෙල්වා ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කරයි

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනතේ විධිවිධාන යටතේ ව්‍යාපාරයක් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිව හිමිව තිබේ.

Continue Reading

මව්බිම-Ceylon Today සේවකයින් රැකියා සුරක්ෂිත කරන ලෙස ඉල්ලා ජනමාධ්‍ය අමාත්‍යවරයාට ලිපියක්

සිලෝන් නිව්ස්පේපර්ස් (පෞද්ගලික) සමාගමේ වත්මන් සහ හිටපු සේවකයින්ට හිමි වැටුප්, ව්‍යවස්ථාපිත දීමනා සහ රැකියා සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලීමක් කරමින් සිලෝන් නිව්ස්පේපර්ස් (පෞද්ගලික) සමාගමේ අගතියට පත් වත්මන් සහ හිටපු සේවකයින් ජනමාධ්‍ය අමාත්‍යවරයාට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

Continue Reading

වල්ලිඅම්මාර් වැවෙන් කිරි කදුළු යදින කෝන්කැටිය ගොවියෝ

අපේ රටේ සාමාන්‍ය ජන ජීවිතය තුළ කවර හෝ පොදු කඳුළු කතාවක් ඇත. ඒ කතා තුළ පවත්නා කදුළු කොතරම් බර වුවද රටේ වගකිවයුත්තන් ඒවා සලකා ඇත්තේ කොට්ට පුළුන් සේ සැහැල්ලුවටය. ඒ කදුළුවල බර රටට දැනෙන තෙක් අද අප අත්විදින, දකින සමාජ පසුගාමීත්වය තුරන් කල නොහැකි වනු ඇත. බුත්තල කෝන්කැටිය ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ අප කළ සංවාදය තුළ ද  ඒ සත්‍යය මැනවින් …

Continue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය පිහිටුවීම ලබන 28 වැනිදා

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ මංගල මහා සභා රැස්වීම  පිහිටුවීම 2026 නොවැම්බර් මස 28 වන දින පෙ.ව. 9.30 ට කොළඹ 07, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවත, අංක 275/75 දරන ස්ථානයේ පිහිටි වෘත්තීය සංවිධාන සංගමයේ (O.P.A) දී පැවැත්වීමට නියමිතය.

Continue Reading