විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  වික්ටෝරියා ප්‍රාන්තයේ මහාමාත්‍ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය හමුවෙයි

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්  වික්ටෝරියා ප්‍රාන්තයේ මහාමාත්‍ය ගරු ජසින්ටා ඇලන් (Jacinta Allan) මැතිණිය අද (01) දින හමුවීම වූ බව ඔහුගේ X ගිණුමෙහි සටහන් තබමින් කියා සිටී.

එහිදී දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු මෙන්ම දේශපාලන, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික, ක්‍රීඩා සහ පුද්ගලාන්තර සබඳතා වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකා – වික්ටෝරියා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අපි සාකච්ඡා කළ බවද, මෙම අවස්ථාව සඳහා ආර්ථික වර්ධන හා රැකියා පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ස්ටීව් ඩිමොපොලොස් (Steve Dimopoulos MP) මහතා ද අග්‍රාමාත්‍යවරිය සමඟ එක් වූ බව වැඩිදුරටත් සඳහන්ය.

වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය වෙනුවෙන් එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව දක්වන සුවිශේෂී දායකත්වය අග්‍රාමාත්‍ය ඇලන් මැතිණියගේ ඇගයීමට ලක් වූ අතර, ඕස්ට්‍රේලියාවේ වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීවත් වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ බව ද ඇය සඳහන් කළ අතර, ​දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මේ වසරේදී වසර 79ක් සපිරෙන මොහොතක, ශ්‍රී ලංකාව සහ වික්ටෝරියා ප්‍රාන්තය අතර පවතින සබඳතා තවදුරටත් පුළුල් කිරීමට ඇති අන්‍යෝන්‍ය කැපවීම මෙහිදී තහවුරු කර ඇත.

Leave A Comment