අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ආයෝජනයට එක්වන ලෙස ඕස්ට්‍රේලියානු ආයෝජයින්ට ආරාධනා කරයි

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මෙල්බර්න් නුවර පිහිටි “වික්ටෝරියානු ආයෝජන මධ්‍යස්ථානයේ දී” (Victorian Investment Centre) ‘ග්ලෝබල් වික්ටෝරියා’ (Global Victoria) ආයතනය විසින් සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා – වික්ටෝරියා කර්මාන්ත වටමේස සාකච්ඡාව” ඇමතීමට අමතනු ලැබීය.

එහිදී රැකියා, කුසලතා, කර්මාන්ත සහ කලාපීය දෙපාර්තමේන්තුවේ කර්මාන්ත, වෙළඳ සහ ආයෝජන පිළිබඳ නියෝජ්‍ය ලේකම් ඩැනී ජැරට් (Ms. Danni Jarrett) මෙනවියගේ මෙහෙයවීමෙන් සංවධානය කර තිබූණි. මෙහිදී ශ්‍රී ලංකාව සහ වික්ටෝරියා ප්‍රාන්තය අතර ද්විපාර්ශ්වික වෙළඳ, ආයෝජන, සංචාරක සහ අධ්‍යාපන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

​වෙළඳ, සංචාරක, ගුවන් සේවා, යටිතල පහසුකම්, අධ්‍යාපන සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර රැසක ඕස්ට්‍රේලියානු ඉහළ පෙළේ ව්‍යාපාරික ව්‍යවසායකයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. එහිදී ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය  කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වෙමින් පවතින නව ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙසද වික්ටෝරියානු ආයෝජකයින්ගෙන් ආරාධනා කරන ලදි.

එමෙන්ම, ශ්‍රී ලංකාව ආරක්ෂිත, ආකර්ෂණීය මෙන්ම ඉහළ විභවතාවක් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලෙස ද මම වික්ටෝරියානු රජයෙන් ඉල්ලීමක් කර ඇත.

Leave A Comment