ගාල්ල ජාතික රෝහලේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ යන්ත්‍රය හැදුවත් වැඩ නෑ

පසුගිය ජුනි මස 05 වැනිදා ගාල්ල ජාතික රෝහලේ තිබෙන ලීනියර් ඇක්සලරේට විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය බිඳවැටීම සිදුවූ අතර එම යන්ත්‍රයට අදාළ සේවා ගිවිසුම් ගතවීම සිදු නොවීම නිසා යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද වෙමින් පැවතිණන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන වන්නේ, කෙසේ නමුත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංඝමයේ හෙළිදරව් කිරීම මත එම යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම පසුගිය 17 වෙනිදා සිදුකරන ලදී.

කෙසේ නමුත් යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සිදුකළත් මේවන තුරුත් රෝගීන්ගේ ප්‍රතිකාර සේවාව ආරම්භ කිරීම සිදුකොට නොමැත. මේ සඳහා හේතු වශයෙන් පෙන්වා දෙන්නේ වායු සමීකරණ පද්ධතියේ දෝෂ පැවතීමයි. වායු සමීකරණ පද්ධතියේ තිබෙන දෝෂ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් දීර්ඝ කාලයක් තිස්සේ දැනුවත් කිරීම සිදුකළත් මේ වනතුරුත් එම පද්ධතියේ පවතින දෝෂ නිරාකරණය කිරීම සිදු නොවීම බරපතල ගැටලුවක් වී ඇත.

ජුනි මස 05 වෙනිදා වන විට රෝගීන් 80 ට වැඩි ප්‍රමාණයකගේ විකිරණ ප්‍රතිකාර කටයුතු වූ දෛනිකව සිදු වෙමින් පැවතුණු අතර මේ වන විට ප්‍රතිකාර සිදුකරමින් පැවතුණු එම රෝගීන්ගේ විකිරණ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන් අතරමගදී බිඳ වැටීම සිදුවී ඇත.

සාමාන්‍යයෙන්ම පිළිකා රෝගියෙකුගේම පිළිකා රෝගියෙකුගේ විකිරණ ප්‍රතිකාරය දින 5ත් 40ත් අතර කාල පරාසයක් දක්වා දිගු වන අතර ප්‍රතිකාර කරනු ලබන දින ගණන තීරණය වන්නේ රෝගියාගේ පිළිකාවේ තත්ත්වය සහ පිළිකාව අනුවයි.

මේ වන විට මාස 04 කට වැඩී පොරොත්තු ලේඛනයක් විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගාල්ල ජාතික රෝහලේ පවතී. ගාල්ල දිස්ත්‍රික්කයට අමතරව හම්බන්තොට,මාතර, කළුතර, රත්නපුර වැනි දිස්ත්‍රික්කවල පවතින රෝහල් වෙතින් පිළිකා ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත රෝගීන් යොමු කිරීම සිදුවෙයි.

මෙලෙස යන්ත්‍ර වරින් වර බිඳ වැටීම සහ ඒවා නිසි පරිදි යථා තත්ත්වයට පත් නොවීම පිළිබඳව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය වරින් වර සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළත් මෙම ගැටලුව තවදුරටත් නිරාකරණය නොවීම කණගාටුවට කාරණාවක් වී ඇත. මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන ලෙස රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නලින්ද ජයතිස්ස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

Leave A Comment