ඓතිහාසික “විසුම්පාය“ විනාශ වෙයිද?
මේ තියෙන්නෙ විසුම්පාය. මගෙ ජීවිතයේත් බොහෝ අවස්ථාවන්ට මේ ගොඩනැගිල්ල සම්බන්ධයි.
ප්රවෘත්ති මාධ්යවේදියෙක් විදියට මට දිනමිණ ඩේලිනිවුස් පත්තර දෙකේදීම පැවැරුණේ ව්යවස්ථා කටයුතු, මුදල් සහ විදේශ කටයුතු වගේ බීට්. එවකට මේ අමාත්යාංශ කීපයක් බාරව සිටි මහාචාර්ය ජී ඇල් පීරීස් නැවතී මේ විසුම්පායේ යි. ඒ නිසා මම නිතර මෙහි ආවා ගියා.
2016 දී මම රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ලෙස පවත්වූවාට පස්සෙ පැවැරුණු තවත් වගකීමක් වුනේ ජාතික මාධ්ය මධ්යස්ථානය ස්ථාපිත කිරීම. ඒ සඳහා මට ලැබුණේ විසුම්පාය පරිශ්රයයි. අළුත් ම කණ්ඩායමක් එක්ක, මහාචාර්ය සොයිසා, මහාචාර්ය ප්රදීප් වීරසිංහ, ඒරානන්ද හෙට්ටිආරච්චි වගෙ ප්රවීණයින් එක්ක ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගෙ සභාපතීත්වය යටතේ අපි විසුම්පායේ පැය 24 ම වැඩ කළා. මහින්ද රූබසිංහ, ජගත් ලියනාරච්චි, සිසිල් විජේරත්න වගේ කණ්ඩායමක් මෙහි පූර්ණකාලීනව නේවාසිකව රාජකාරි කළා.
මට විසුම්පාය බාර දෙනකොට එවකට අගමැති ලේකම් සමන් ඒකනායක අවවාදයක් ද දුන්නා. “ඕක හරි පෞරාණික ගොඩනැගිල්ලක්. පරිස්සම් කරගනින්.” සමන් කියපු කතාව හරි. විසුම්පාය කියන්නෙ ඉතාම පෞරාණික වස්තුවක්. ඒ නිසා එහි නඩත්තු කටයුතු හැකි අයුරින් නොපමාව සිදුකළා.
විසුම්පාය හරිම ලස්සන ගොඩනැගිල්ලක් විතරක් නෙමෙයි, ඒකට ඉතාම මනරම් වටපිටාවකුත් තිබුණා. මල් වවලා හරිම ලස්සන ගෙමිදුලක් තිබුණෙ. ඒ නිසාම විවිධ රාජ්ය තාන්ත්රික හමුවීම් පවා මෙහි සිදුකෙරුණා.
හැබැයි දැන් තියෙන තත්ත්වය දැක්කම සෑහෙන දුක හිතුණා. මේ වගේ වටිනා රාජ්ය දේපොළ ගැන මීට වඩා වැඩි අවධානයක් යෙදුව්වොත් හොඳයි.
(ආචාර්ය රංග කලංසූරිය මුහුණ පොතින්)

