ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම අනතුරේ? ඉන්දීය කෝටාවටත් කනකොකා හඩයිද?

1998 දෙසැම්බර් 28 දින ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම මගින් භාණ්ඩ 1200ක් සහනදායී තීරු බදු යටතේ හෝ තීරු බදු රහිතව ඉන්දියාවට අපනයනය කිරීමට අවකාශය සැලසුණි. විශ්ලේසමාත්වක මෙම ගිවිසුමේ සාරාංශය මෙසේ කෙටි කල හැකිය .

ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (ISFTA) යනු 1998 දෙසැම්බර් 28 වන දින අත්සන් තබන ලද අතර 2000 මාර්තු 1 වන දින සිට බලාත්මක වූ ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමකි.

ප්‍රධාන තොරතුරු සහ ව්‍යුහය

විෂය පථය: මෙම ගිවිසුම මඟින් ආවරණය වන්නේ භාණ්ඩ වෙළඳාම පමණි (සේවා හෝ ආයෝජන රාමු මෙයට ඇතුළත් නොවේ).

ක්‍රියාත්මක කිරීම: දෙරටම පරස්පර ලෙස එකඟ වූ තීරුබදු ලිහිල් කිරීමේ වැඩසටහනක් හරහා තීරුබදු අදියරෙන් අදියර ඉවත් කළ අතර, 2008 වන විට එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් කරන ලදී.

ශ්‍රී ලංකාවට හිමි වූ තීරුබදු රහිත ප්‍රවේශය: 2003 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට නිෂ්පාදන මාර්ග 4,000 කට වැඩි ප්‍රමාණයකට (තීරුබදු මාර්ග 4,150 ක් ආවරණය වන පරිදි) ඉන්දියානු වෙළඳපොළට සම්පූර්ණ තීරුබදු රහිත ප්‍රවේශය හිමි විය.

ඉන්දියාවට හිමි වූ තීරුබදු රහිත ප්‍රවේශය: ඉන්දියාවට ශ්‍රී ලංකාව තුළ තීරුබදු මාර්ග 1,20ක් සඳහා ශූන්‍ය තීරුබදු හෝ සහනදායී ප්‍රවේශයක් ලැබුණි.

නමුත් මේ  වන විට රජයේ අවධානය යොමු නොවීම නිසාත් ISFTA ගැන අවධානය යොමු නොකර ECTA ගිවිසුම ගැන සිහින මැවීම නිසාත් 2002 – 2006 කාලය තුළ අපනයනය සඳහා ආරම්භ කරන ලද කර්මාන්තශාලා සහ නිෂ්පාදන ක්‍රියාවලියට රාජ්‍ය අංශයේ සහයෝගය සහ දැඩි මැදිහත් වීමක් නොලැබීම  නිසාත් අපනයනය පිසින තෙල් (Edible oil )  කර්මාන්තය සදහා ලබා දී ඇති ටොන් 250,00 ක පංගු  ප්‍රමාණය අඩු කිරීමට ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමු විය හැකි බව මෙම අපනයනය කර්මාන්තයට සම්බන්ධ ආයෝජකයින් ප්‍රකාශ කර සිටි.

ටොන් 25000ක කෝටාව සහ අපනයනය පැහැර හැරීම?

2002 වර්ෂයේදී පැවැති සාකච්ඡා වලින් අනතුරුව  පිසින තෙල් යොදා ගනිමින් නිෂ්පාදනය කරන බේකරි මේද වර්ග , ඉන්දියාවේ ගෘහස්ථ පරිභෝජනයට ගන්නා වනස්පති (ගිතෙල් මිශ්‍රණය ) සම්බන්ධ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.

රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ කෝටා ක්‍රමයට කර්මාන්ත ශාලා දොළහක් ආරම්භ කිරීමට අවසර දුන් අතර ඒ සඳහා පහත් බිම් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තල මුතුරාජවෙල ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් මෙම කර්මාන්ත කරුවන්ට ඉතා අඩු මිල ගණන් යටතේ ලබා දී ඇත.

2005 වර්ෂය දක්වා ඉතා සාර්ථකව  මෙම අපනයන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ අතර මේ සඳහා අවශ්‍ය තාක්ෂණය හා සේවකයින් ඉන්දියාව, ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි රටවලින් ලැබී ඇත.

2010 වර්ෂයේදී ඉන්දියාව විසින් දේශීය පරිභෝජනය සදහා ආනයන කරන බොර තෙල් මිල අඩුකිරීම නිසා ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන නිෂ්පාදන සඳහා දැඩි තරඟයක් ඇති වූ අතර පසුව ශ්‍රී ලංකාවට ලබා දී තිබූ සීමාවකින් තොර වූ පංගු   ප්‍රමාණය මෙට්‍රික් ටොන් 250000 දක්වා අඩුකර කර්මාන්තශාලා දොළහක් අතර ඒවායේ ධාරිතාවය අනුව බෙදා දී ඇත.

එම අවස්ථාවේ පැවති තත්ත්වය යටතේ කර්මාන්ත ශාලා 7 ක් පමණ සම්බන්ධයෙන්ම වැසී ගිය අතර කිසිදු අයුරකින් ඔවුන් හට නැවත නිෂ්පාදන ආරම්භ කිරීමට නොහැකි විය.

පසුව එම කර්මාන්ත ශාලා ස්ථානගතව තිබුන ඉඩම්  බලයලත් අධිකාරියක් (component Authority) යටතට පවරන ලද අතර අදටත් එම ව්‍යාපාර ඈවර කර ඉඩම් රජයට ලබා ගැනීමට නොහැකි වී ඇත.

රටට සහ රජයට සිදු වූ පාඩුව !

කර්මාන්ත ශාලා 7-8 ක් වැසී ගියත් තවත් දේශීය කර්මාන්ත ශාලා දෙකක් සහ විදේශීය ආයෝජන සහිත කර්මාන්ත ශාලා තුනක් පමණ මෙම පසුබෑමට මුහුණ දුන්නේය.

ආයෝජන මණ්ඩලය මගින් තාවකාලික ලබා දුන් අනුමතිය යටතේ දේශීය වශයෙන් භාණ්ඩ (100%) තෙල් සහ මේද වර්ග නිෂ්පාදනය කර දේශීය වෙළඳපලට සැපයීම තුළ ඔවුන් ක්‍රියාත්මක විය.

කෙසේ වුවද 2010 සිට අද වනතුරු මෙම සමාගම් තමන් හට ලැබුණ කෙටිකාලීන වාසිය ප්‍රයෝජනයට ගෙන මහා පරිමාණයෙන් දේශීය වෙළඳපළ ආක්‍රමණය කර ඇත.

ආයෝජන මණ්ඩල පනතේ, අංක 17 යටතේ  2004 දී ලබාගත් අනුමැතිය පදනම් කරගෙන මෙම සමාගම් කටයුතු කරන අතර ඉන්දියානු සමාගම් 2ක් පමනක් ද්වීපාර්ශික ගිවිසුම යටතේ අපනයන සමාගම් ලෙස ක්‍රියාත්මක වෙයි.

දිගින් දිගටම අපනයනයන් පැහැර හැරීමේ පසුබිමක් යටතේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති පංගු ප්‍රමාණය ඉන්දියාව විසින් නේපාලයට හා භූතානයට ලබාදීමට ඉඩ ඇති බව වෙළඳපළ විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධව මෙම කර්මාන්තශාලා නැවත අපනයනය සඳහා යොමු කළ යුතු බව දේශීය පිසින තෙල් සහ මාජරින් නිෂ්පාදනය කරන සමාගම් ඉල්ලා සිටින අතර මහා පරිමාන විදේශය සමාගම් ආයෝජන මංඩලයේ පහසුකම් කරනු ලබන ආක්‍රමණයෙන් තම දේශීය වෙළදපල ආරක්ෂා  කර දෙන ලෙසය.

විශේෂ ලියුම්කරුවකු විසිනි.

Leave A Comment