කාන්තා මරණ අතරින් 27% කටම හේතුව පියයුරු පිළිකාවයි – වෛද්‍ය නලින්ද ජයතිස්ස

ඔක්තෝම්බර් මාසයට යෙදෙන පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය නිමිත්තෙන් කළුතර නගරයේදී (18) දින පැවති ජනතාව දැනුවත් කිරීමේ පා ගමනට සහ ප්‍රධාන උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව අවධාරණය කළේය.

Continue Reading

මෙරට ප්‍රථම ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු 2027 වසරේදී ආරම්භ කිරීමට සැලසුම්

ඖෂධ ආනයනය මත පවතින යැපීම අවම කර දේශීය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සහ අපනයන ආදායම ඉහළ නැංවීම ඉදිරි දශකයේදී රජයේ ප්‍රමුඛ අරමුණක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ  (17) දින ගාල්ල, කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටි Premium International Injectable (Pvt) Ltd ආයතනයේ ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

Continue Reading

PSTA ’ට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

වත්මන් ආණ්ඩුව විසින් ගෙන එන ලද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත(PSTA) 2026 ඔක්තෝබර් මස 06 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එම පනතේ සඳහන් වගන්තීන් අභියෝගයට ලක්කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 120 සහ 121(1) වගන්තිය යටතේ ඇති ප්‍රතිපාදන පරිදි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් 2026 ඔක්තෝබර් 16 දාතමින් SC/SD/133/2026 අංක දරණ විශේෂ නිර්ණය පෙත්සමක් (Special Determination Petition) ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු …

Continue Reading

වෛද්‍ය ස්ථාන මාරු හා  පශ්චාත් සීමාවාසික ස්ථානගත කිරීමේ ප්‍රමාදයෙන්  සෞඛ්‍ය සේවා අර්බුදයට – GMOA

අධ්‍යක්ෂ – වෛද්‍ය සේවා මඟින් සිදු කරන අකාර්යක්ෂම, අවිධිමත් සහ අත්තනෝමතික ක්‍රියාපටිපාටිය නිසාවෙන් මෙම ස්ථාන මාරු ක්‍රියාවලිය අර්බුදයට ලක්වී රෝගී සත්කාර සේවාවන්ට ද බාධා එල්ල වී ඇති බවත් එය නැවත නිවැරදි කිරීමට වහාම කටයුතු කළ යුතු බව අවධාරණය කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

අපේ ආණ්ඩුවේ හැරවුම් ලක්ෂය වූයේ අපේ කාන්තාවෝ – අනුර කුමාර දිසානායක

දැන් මේ දවස්වල කලබලකාරී තත්ත්වයක් වගේ හදාගෙන තිබෙනවා. ගමේ එහෙම තියෙනවද. ඒ කලබලේ ඔක්කොම තියෙන්නේ මාධ්‍යවල. ගමේ අද ශක්තිමත්ව වැඩ කරමින් තිබෙන බලවේගය තමයි ජාතික ජන බලවේගය, අපේ ආණ්ඩුව. හැබැයි මාධ්‍ය ඇතුලේ නිකන් කලබලකාරී තත්වයක් පෙන්නුම් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. ඒකට හේතු තියෙනවා. අපි හැමදාමත් කියනවා අපේ ආණ්ඩුව ගොඩනැගුවේ මේ රටේ පොදු ජනතාව. ඒත් මම හිතනවා අපේ ආණ්ඩුව ගොඩනැගීමේ ප්‍රධානතම …

Continue Reading

කළුබෝවිල මහා විෂ්ණු කෝවිලේ වේල් පෙරහැර උත්කර්ෂවත් ලෙසත් මෙවරත්

කළුබෝවිල ඇන්ඩර්සන් පාරශ්‍රී වෙන්කටේශ්වරන් මහා විෂ්ණු මූර්ති කෝවිලේ බ්‍රහ්මෝත්සවයේ පසුගියදා (17) දින තේරු වේල් පෙරහැර ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

Continue Reading

ට්‍රම්ප් ගැන කලකිරී සිටින ඡන්දදායකයින්ගේ තීරණය කුමක් වෙයිද?

ඇමරිකා එක්තස්ත ජනපදයේ කලකිරීමට පත්ව සිටින අතිමහත් බහුතරයක් ඡන්ද දායකයින් වොෂින්ටනයේ වෙනසක් අපේක්ෂා කරන බව AP-NORC ජනමත සමීක්ෂණයකින් හෙළිවී ඇත.

Continue Reading

සේවා ස්ථානයේ සුරක්ෂාව සම්බන්ධයෙන් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගිය යුතුයි – කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

සේවකයන්ගේ සෞඛ්‍යය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම හුදෙක් නීතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා පමණක් සිදුකළ යුතු කාර්යයක් නොවන බවත්, මනුෂ්‍යත්වය, සේවක අයිතිවාසිකම් සහ ශ්‍රමයේ වටිනාකම පදනම් කරගත් සුරක්ෂිතතා සංස්කෘතියක් රට තුළ ගොඩනැඟිය යුතු බවත් කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

Continue Reading

ඩුබායි සුද්දාට වසර 5ක අත්හිටවූ සිරදඩුවමක්         

සංචාරක වීසා මගින් ඩුබායි රටේ විදේශ රැකියා ජාවාරම සිදු කරන ලද ඩුබායි සුද්දා නොහොත් රංතැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන යන අයට විරුද්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධීකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව ලබා දෙමින් 2026.10.13 වන දින මෙම සැකකරුට රුපියල් ලක්ෂයක දඩමුදලක් නියම කරමින් වසර 5 ක අත්හිටුවන ලද සිරදඩුවමක් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කරන ලදී. එසේම අගතියට පත් …

Continue Reading