හඬක් නොමැති වූවන් වෙනුවෙන් හඬ නැඟූ මිනිසෙකුට කරන උපහාරයක් – ලයනල් බෝපගේ

අනුස්මරණය; සහෝදර බැසිල් ප්‍රනාන්දු (1944–2026) අපට ආදරණීය මිතුරෙකු සහ සහෝදර සටන් සගයෙකු අහිමි වී ඇත. බැසිල් ප්‍රනාන්දු සැප්තැම්බර් 30 වැනිදා, 81 වැනි වියේදී, හොංකොංහිදී අභාවප්‍රාප්ත විය. නීතිඥයෙකු, නීති විශාරදයෙකු, කවියෙකු, දාර්ශනිකයෙකු සහ මාක්ස්වාදියෙකු වූ ඔහු, අයුක්තිය සමඟ කිසිදා අතරමග සාමයකට නොපැමිණියේය. මානව ගෞරවය වෙනුවෙන් පෙනී සිටි එහි නිර්භීතම සටන්කරුවන්ගෙන් එක් අයෙකු ආසියාවට අහිමි වී ඇත. ඔහුව දැන සිටි අපට අහිමි …

Continue Reading

ශ්‍රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දුන් ගුණවතාණෙනි, සුබ උපන්දිනයක් වේවා!

අප රටේ ඉහළම ජාතික සම්මානය වන ‘ශ්‍රී ලංකාභිමානී’ ගෞරව නාමයට ද සම්මානයක් වූ පුරවැසියෙක් ලෙස කරු ජයසූරිය මහතා අද (29) සිය උපන් දිනය සමරන්නේය.

Continue Reading

අම්පාරේ සහල් මෝල – පරිසර සංහාරයෙන් අලි මංකඩ වසා දමයිද?  – සුපුන් ළහිරු ප්‍රකාශ්

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ අලි ඇතුන්ගේ ප්‍රධාන වාසභූමියක් තුළ එහි කොටස් අතර අලි ඇතුන් සංක්‍රමණයවන තීරණාත්මක අලි මංකඩක් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇහිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ඒ එහි අක්කර අසූවක භූමි ප්‍රමාණයක් දීර්ඝ කාලීන බදු පදනම යටතේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපෘතියක් සඳහා ලබාදීම මගිනි.

Continue Reading

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

මගේ දියණිය ඉන්දිරා මගේ දෝතට රැගෙන අදට හරියටම අවුරුදු පනහකි. ඇය වෙනුවෙන් මේ වචන කිහිපය ලියන මේ මොහොතේ මගේ හදවතට දැනෙන වේදනාව වචනවලින් කියාගන්නට මට නොහැකිය. පියෙකුට තම දරුවෙකුගේ උපන් දිනය සමරන දිනයේ, ඒ දරුවා තමන් අසල නොසිටීම තරම් වේදනාකාරී අත්දැකීමක් තවත් තිබිය හැකිදැයි මම නොදනිමි. විශේෂයෙන්ම, ඒ දරුවා තම ජීවිතය පුරාම ආදරය, කරුණාව සහ සංවේදීත්වය බෙදා දුන් දරුවෙකු නම්, …

Continue Reading

වී මෝල, අලිමංකඩ සහ හෘද සාක්ෂිය: දේශපාලනයට පෙර ස්වභාවධර්මයේ හඬට සවන් දෙමු

වැරැද්ද අනෙකා කරන විට විරුද්ධ වීමත්, තමන් අතින් සිදු වන විට එය සාධාරණීකරණය කිරීමත් පිරිහුණු අවස්ථාවාදී ප්‍රතිපත්තියකි. අද වන විට අම්පාර දිස්ත්‍රික්කයෙන් ඇරඹී ජාත්‍යන්තරයේ පවා අවධානයට ලක්ව ඇති “අම්පාර අලිකන්ද වී මෝල” යෝජනාව සම්බන්ධයෙන් මතුව ඇත්තේ ද මෙවැනිම හෘද සාක්ෂිය පිළිබඳ ගැටලුවකි.

Continue Reading

ලසන්ත ද සිල්වාගේ තෙවන නවකතාව “අකල්හි මාරුත” – සමාජ නිර්මිත ප්‍රවාදයක් ගැන ප්‍රති කියවීමක්ද?

සමාජ නිර්මිත ප්‍රවාදයන් හෝ ඇතැම් ප්‍රපංචයන් මෙන්ම ඒවා පිළිබඳව වන කියවීම්ද අවබෝධ කරගත හැක්කේ ප්‍රති-කියවීම් තුළින්ය. ලසන්ත ද සිල්වාගේ තෙවන නවකතාව වන අකල්හි මාරුත සිංහල නවකතා පාඨකයන්ට ලබා දෙන්නේ එවැනි ප්‍රති-කියවීමක අත්දැකීමය.

Continue Reading

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු! – සුපුන් ළහිරු ප්‍රකාශ්

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න එන්නම උග්‍ර වෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණි. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්‍යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ ද එවැනි සුදු අලියෙකි.

Continue Reading

යෝජිත ‘ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන’ වැඩපිළිවෙළ ප්‍රායෝගික කර ගැනීම දැවැන්ත අභියෝගයක් – වෛද්‍ය හසංගි හේවා නාලගමගේ

මේ මාතෘකාවට අදාළ පදනම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ජාතික ජන බලවේගය රැළියක දී සිය අදහස් පළ කළේය. මෙහි දී ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් සඳහා නව ප්‍රවේශ ආකෘතියක් සකස් කර ඇති බව ජනපතිවරයා ප්‍රකාශ කළ අතර, මෙහි අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කර, රෝගීන් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් වෙත යොමු වීම විධිමත් කිරීම බව …

Continue Reading

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමඟ විවාදය අවසන් – අජිත් අමරසිංහ 

මා විසින් මහින්දාගමනය ගැන ඓතිහාසික සාධක මත ලියූ ලිපිපෙල අවසානයේ මම මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට එතුමාගේ නිශ්චිත පිළිතුරු ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි.

Continue Reading

2028 දී ණය ආපසු ගෙවීම ගැන සාවද්‍ය අදහස් ගණනාවක් තිබෙනවා – ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි

ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 දී විදේශ ණය ගෙවීම නතර කිරීමට රජය පියවර ගත්තේය. ඊට පසුව 2023 මාර්තු මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ශ්‍රී ලංකාව එක් විය.

Continue Reading