​”ජාතිවාදය වැපිරූ යුගය අවසන්; සියලු ජාතීන් එකමුතු විය යුතුයි” – විදේශ ඇමති විජිත හේරත්

​පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය සහ ආගම්වාදය නිර්මාණය කර රට අසමගියට පත් කළ අතීත යුගය දැන් නිමා වී ඇති බවත්, සියලු ජාතීන්ට එකට ජීවත් විය හැකි විනයගරුක හා ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැගීමට නව රජය කැපවී සිටින බවත් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ (28) දින කොළඹ නෙලුම් කුළුණ …

Continue Reading

“ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයේ ගමන් මඟ” ප්‍රදර්ශනයක් හා සාකච්ඡාවක්

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය විසින් ඉටු කළ ඓතිහාසික සමාජ හා දේශපාලන මැදිහත්වීම් අගයමින්, සියලු සිවිල් සංවිධාන එක් වේදිකාවක් වෙත එක් කරන මෙම විශේෂ අවස්ථාව සඳහා ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.

Continue Reading

මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන්න – NMSJ

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මාධ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ සියළු සංවිධාන සමග සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙස මෙන්ම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා යොමුවීමට පෙර ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

Continue Reading

‘ජන බලවේගය’ට ආණ්ඩුවේ ආකෘතිය (ප්‍රජාතන්ත්‍රවාදී නිදහසේ සීමාව) තීරණය කළ හැකි ද?

19 වන සියවසේ ලිබරල් දේශපාලන චින්තනයේ ප්‍රමුඛ චින්තකයෙකු වූ ජෝන් ස්ටුවර්ට් මිල් විසින් රචිත On Liberty (1859) කෘතිය පුද්ගල නිදහස, ජනතා පාලනය සහ රාජ්‍ය බලය අතර සම්බන්ධතාවය පිළිබඳ ගැඹුරු විමසුමක් ඉදිරිපත් කරයි. මිල්ගේ මූලික තර්කය වන්නේ පුද්ගල නිදහස ආරක්ෂා කිරීම දියුණු සමාජයක පදනම වන අතර, යහපත් ආණ්ඩුවක් ගොඩනැගෙන්නේ ජනතාවගේ ක්‍රියාකාරී සහභාගිත්වය මත බවයි. එහෙත් ඔහුට අනුව ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාවගේ කැමැත්ත …

Continue Reading

අලි‑මිනිස් ගැටුම් කළමනාකරණයට ක්‍රියාකාරි සැලැස්මක්

අලි‑මිනිස් ගැටුම් කළමනාකරණය සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිව හිමිව තිබේ.

Continue Reading

විදෙස්ගත ශ්‍රි ලාංකිකයින්ගේ පැමිණිලි කළමනාකරණයට LankaKonect Mobile App එක හඳුන්වා දෙයි

විදේශ රැකියාවල නියුතු ශ්‍රි ලාංකික විගමණික ශ්‍රමිකයින් හට ඉතා ඉක්මණින් හා පහසුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සම්බන්ධ වී සිය පැමිණිලි හා සේවා ස්ථානයේ ගැටළු යොමුකිරීම සඳහා LankaKonect නම් නව ජංගම දුරකථන යෙදවුමක් (Mobile app)  හඳුන්වා දෙනු ලැබුවා.

Continue Reading

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නව්‍යකරණය කරන ලද හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අවම පහසුකම් යටතේ මෙතෙක්  පවත්වාගෙන ගිය හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය නවීන පහසුකම් සහිතව පුළුල් පරිශ්‍රයක පිහිටුවා නව්‍යකරණය කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමත්, එමෙන්ම නවීන පහසුකම් සහිතව නව පරිශ්‍රයක ස්ථාපනය කරන ලද ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයේ සේවා කටයුතු ආරම්භ කිරීමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි …

Continue Reading

අනුරාධපුර සිදුවීම සංස්කෘතික යුද්ධයක් කර නොගනු: ආවේගය වෙනුවට බුද්ධිමත් නීතිමය ප්‍රවේශයක් සහ ව්‍යූහාත්මක ළමා සුරක්ෂිතතාවයක් – MDDR

අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන අපරාධ විමර්ශනය මුල් කරගනිමින්, සමාජය පුරා පැතිර යන ආවේගශීලී ගෝත්‍රික මතවාද, සමාජ මාධ්ය හරහා සිදුකරන පූර්ව විනිශ්චයන් සහ විවිධ දේශපාලන කණ්ඩායම්වල අවස්ථාවාදී හැසිරීම් පිළිබඳව ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්යාපාරය (MDDR) තම දැඩි කනස්සල්ල පළ කර සිටියි.

Continue Reading

තොරතුරු කොමිසමේ  වැටුප් වැඩි කරන්න පනත් සංශෝධනය කරන්න අවශ්‍ය නැහැ

තොරතුරු කොමිසමේ වැටුප් ප්‍රශ්නය කොමිසමේ මන්දගාමීභාවයට හේතුවක් ලෙස දක්වමින්,එම කොමිසමේ වැටුප් වැඩි කිරීමට එකී පනත සංශෝධනය කිරීමට අවශ්‍ය බව කීම සම්පූර්ණ වැරදි මතයක්.

Continue Reading

ඉරාන විප්ලවීය නායක සමරුවක් කොළඹ දී පවත්වයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ඉරාන විප්ලවයේ නායක  ඉමාම් කොමේයිනිගේ අභාවයේ 37 වන සමරු උත්සවය, 2026 ජූනි 4 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ “තරංගනී” රංග ශාලාවේදී පැවැත්විණි.

Continue Reading