දිවංගත ඉරානයේ හිටපු ජනාධිපති සහ විදේශ ඇමති ස්මරණය කෙරේ

2024 මැයි 19 වැනි දින  ප්‍රාණ පරිත්‍යාගශීලීන්  ලෙස අනපේක්ෂිත ගුවන් අනතුරකින් දිවියෙන් සමු ගත් ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා ඊබ්‍රාහිම් රයිසි (Ayatollah Ebrshim Rsisi) සහ විදේශ ඇමති ආචාර්ය අමීර්-අබ්දුල්ලාහියන් (Dr.Hossein Amir-Abdollahian) දෙවර්ෂ සැමරුම ඊයේ (21)  කොළඹ ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණි.

Continue Reading

‘නැහැ, ඉතාම ක්ෂණිකව මේක සිදු වෙන්නේ නැහැ. ඒකට සැලකිය යුතු කාලයක් ගත වෙනවා’ – ධනනාත් ප්‍රනාන්දු – විධායක අධ්‍යක්ෂ, Advocata Institute

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලනිකව ද දැඩි සංවාදයක් නිර්මාණය කර ඇත. මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම හරහා රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත නො හැකි බවයි. එසේම ඉහළ යන තෙල් මිල, ආනයන ඉහළ යාම …

Continue Reading

වෙස් මුහුණු ද සැබෑ මුහුණුද: ශිෂ්ටාචාරමය අර්බූදය තුළ පංසල සහ සරසවිය!

දැනට අධිකරණයෙන් ඇප ලබා සිටින අටමස්ථානාධිපති වැනි ආගමික චරිත හෝ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකුට එල්ලවන ලිංගික අල්ලස්, බලය භාවිතය, හෝ ශිෂ්‍ය ස්ත්‍රී ශරීරය ග්‍රහණයට ගැනීම පිළිබඳ චෝදනා හෝ වෙනත් පිරිමි බලය සමග ගැටගසුණු ආයතනික බලය හරහා අපචාර කිරීම ආදී මේවා එකිනෙකට වෙනස් සිදුවීම් ලෙස පෙනුණත් ඒවා එකම ගැඹුරු අර්බුදයක විවිධ වෙනස් පැතිමාන බව පෙනේ.

Continue Reading

රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ පසුගිය අප්‍රේල් 21දා සිට අඩාලයි

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ MRI ස්කෑන් පරීක්ෂණ එම යන්ත්‍රය බිඳවැටීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 21 වෙනදා සිට සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත. මේ වන විට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සිදු වී නොමැත.

Continue Reading

ඉබෝලා වෛරස් වසංගත තත්වය පිළිබඳව විශේෂ නිවේදනයක්

ඉබෝලා වෛරස් වසංගත තත්වය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබීමත් එයට සමඟාමීව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව කරුණු 5කින් සමන්විත ක්‍රියාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා 2026.05.20 දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

Continue Reading

වෙසක් මංගල්‍යයේ පස්වන නෑ ගමන මෙවරත් නාගදීපයට

ජාතික උරුමයන්  සුරැකීමේ මහා සම්මේලනය පස්වන වරටත් සංවිධානය කරන “ධර්ම ශක්ති  වෙසක් පූජා සහෝදරත්වයේ –  වෙසක් මංගල්‍යයේ පස්වන නෑ ගමන” සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර ඊයේ (21)පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම  විහාරස්ථානයෙන්  යාපනය නාග විහාරය දක්වා ගමනාරම්භ කෙරින.

Continue Reading

කච්චතිව් දූපත යළි පවරා ගැනීමට ඉන්දියාවට හැකියාවක් නැහැ – හිටපු තානාපති සුමිත් නාකන්දල

කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින්ගේ කටයුතු පාලනය කිරීම සම්බන්ධයෙන් සංවාදය තලපති විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධුරයට පත්වීම සමඟ යළි ආරම්භ වී ඇති අතර එය වත්මන් දේශපාලන හා සමාජයීය ප්‍රවණතා හමුවේ සමාජය තුළ විශේෂ අවධානයක් දිනාගෙන ඇත. මේ පසුබිම තුළ කච්චතිව් දූපත සහ උතුරු මුහුදේ අනවසර ඉන්දීය ධීවරයින් මත්ස්‍ය සම්පත සූරාකෑම පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම …

Continue Reading

සියළු දන්සැල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  ලියාපදිංචි කළ යුතුයි

වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කරනු ලබන සියළු දන්සැල් අදාළ ප්‍රදේශයේ ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ  ලියාපදිංචි කළ යුතු යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

Continue Reading

බ්‍රිටෝ, අද ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය විසින් පිරිනමන ජාත්‍යන්තර “Per Anger” සම්මානය ශ්‍රී ලාංකික සිවිල් ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු වෙත පිරිනැමීමේ සම්මාන ප්‍රදානෝත්සවය අද (21) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 7.30 ට ස්වීඩනයේ දී පැවැත්වේ.

Continue Reading

ශ්‍රී ලංකාව සඳහා ආගාමික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය

මෙරට ප්‍රධාන අවධානය මෙතෙක් යොමු වූයේ ශ්‍රී ලාංකිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීම කළමනාකරණය කිරීම සඳහා වුවද, වර්තමානයේ මෙරට ආර්ථිකයේ ඇතැම් අංශ සඳහා නිපුණතා සහිත, අර්ධ නිපුණතා සහිත සහ විශේෂඥ කුසලතා සහිත විදේශ ශ්‍රමිකයින් බඳවාගැනීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වේ.

Continue Reading