වෙසක් මංගල්‍යයේ පස්වන නෑ ගමන මෙවරත් නාගදීපයට

ජාතික උරුමයන්  සුරැකීමේ මහා සම්මේලනය පස්වන වරටත් සංවිධානය කරන “ධර්ම ශක්ති  වෙසක් පූජා සහෝදරත්වයේ –  වෙසක් මංගල්‍යයේ පස්වන නෑ ගමන” සර්වඥ ධාතූන් වහන්සේලා රැගත් රිය පෙරහැර ඊයේ (21)පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම  විහාරස්ථානයෙන්  යාපනය නාග විහාරය දක්වා ගමනාරම්භ කෙරින.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නායක ස්වාමීන් වහන්සේ, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන නා හිමියන්, ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ  අස්සජි නා හිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරුඹුරේ,  ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

සර්වඥ  ධාතූන් වහන්සේලා රැගත් කරඩුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු  අධ්‍යක්ෂ ජනරාල් රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා යාපනයට වැඩමවීම සඳහා  ගංගාරාම සීමා මාලකයේ සිට ප්‍රදර්ශන රථයට වැඩම වූ අවස්ථාව.

Leave A Comment