මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

මාර්ග යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීම පිණිස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, පහත සඳහන් පරිදි අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

අනු අංකය මාර්ග කොටස ලද ලංසු සංඛ්‍යාව නිර්දේශිත ලංසුකරු වටිනාකම (එකතු කළ අගය මත බදු රහිත)
01 බ්ලැක්පූල් – අඹේවෙල – පට්ටිපොළ – හෝර්ටන්තැන්න මාර්ගය (කිලෝමීටර 12+500 සිට කිලෝමීටර 18+000 දක්වා) (B512) 03 M/s Asset Engineering (Pvt) Ltd. රුපියල් මිලියන 744.68

 

02 ගෝඹුරුඔය – බලපොකුණ මාර්ගය – කිලෝමීටර 0+000 සිට කිලෝමීටර 8+500 දක්වා (කිලෝමීටර 5+250 සිට කිලෝමීටර 5+450 දක්වා සහ කිලෝමීටර 6+900 සිට කිලෝමීටර 7+150 දක්වා කොටස් හැර) 01 M/s Nagma Engineering (Pvt) Ltd. රුපියල් මිලියන 645.69
03 ලේඩි මැකලම් ඩ්‍රයිව් මාර්ගය (කිලෝමීටර් 0+000 සිට කිලෝමීටර 2+700 දක්වා) (B249) 03 M/s K.D.A. Weerasinghe & Co (Pvt) Ltd. රුපියල් මිලියන 711.93

 

04 පලාපත්වෙල – ගලේවෙල මාර්ගය (කිලෝමීටර 19+000 සිට කිලෝමීටර 27+000 දක්වා) (B346) 05 M/s Senerath Engineering (Pvt) Ltd. රුපියල් මිලියන 1,291.80

 

05 කඩවත – රාගම – වැලිසර මාර්ගය (කිලෝමීටර 3+000 සිට කිලෝමීටර් 8+050 දක්වා) (B168) 02 M/s Komuthi Engineering Services (Pvt) Ltd. රුපියල් මිලියන 666.62

Leave A Comment