ජාතික සුවතා සංචාරක ප්රවර්ධනයට යෝජනා මාලාවක්
- Editor
- October 13, 2026
- සංචාරක සහ චාරිකා
- 0 Comments
ශ්රි ලංකාවේ ජාතික සුවතා සංචාරක ප්රවර්ධනය උදෙසා යෝජනා මාලාවක් ඉදිරිපත් කෙරේ. මූලික යෝජනා 5 ක් ඇතුලත් මෙම ඉල්ලීම් අද ශ්රී ලංකා විද්වත් වෘතිකයන්ගේ සංගම් සංවිධානය විසින් විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක අමාත්ය විජිත හේරත් මහතා වෙත භාර දෙන ලදී.
ජාතික සුවතා සංචාරක ප්රතිපත්තියක් සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවීම. ඊ වීසා ක්රමයක් ඇති කිරීම, වෛද්ය වීසා ක්රමයක් ඇති කිරීම ආදී කරුණු මීට ඇතුලත්ය. දැනට ශ්රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින්ගෙන් සුවතා සංචාරකයින්ගේ ප්රමාණය ඉතා පහල අගයක් ගන්නා බවයි විද්වත් වෘතිකයන්ගේ සංගම් සංවිධානය පවසන්නේ,
නවයෝජනා මාලාවෙන් ශ්රී ලංකාවේ ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් ලබා දිම ඔවුන්ගේ මූලික අරමුණ බව වෘතිකයන්ගේ සංගම් සංවිධානය පවසයි.
මෙම සංගමය ප්රධාන වෘත්තීයන් 34 ක් නියෝජනය කරන අතර විවිධ සංවිධාන 52 කින් මන්විතයි.
එහි සභාපති ජයන්ත ගාල්ලහේවා, උප සභාපති භානු විජේරත්න, තේරීපත්වූ සභාපති තිසර ද සිල්වා මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

