ඇමොක්සිලින් අමුද්‍රව්‍ය ආනයනයේදී මිලියන 105ක් වැනසිලා

2023 වර්ෂයේ දී ඇමොක්සිලින් ප්‍රතිජීවක ඖෂධය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී එකවර කිලෝග්‍රෑම් 9,000ක් ආනයනය කිරීමෙන් සහ ඒවා යොදාගෙන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය නොකිරීමෙන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව රුපියල් මිලියන 105ක මුදලක් අනර්ථ ලෙස වැයකර ඇතැයි නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Continue Reading

යෝෂිත අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.

Continue Reading

මෙවර ශිෂ්‍යත්වයේ ප්‍රථමයාට ලකුණු 188ක්

2024 ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු ලබා ගත් දරුවා ලකුණු 188ක් ලබාගෙන තිබෙන බව විභාග කොමරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

Continue Reading

ලබන වසරේ පොල් පැළ මිලියන 03 ක් වගා කිරීමේ බලාපොරොත්තුවක්

ලබන වසරේදී පොල්පැල මිලියන 03 ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි

Continue Reading

නුසුදුස්සන් යොමුකිරීමෙන් විදේශ රැකියා ක්ෂේත්‍රයට ගැටළු රැසක් ඇතිවුණා

පසුගිය රජයේ දේශපාලඥයින් විසින් සිය පෞද්ගලික වාසි වෙනුවෙන් සිදුකළ විදේශ රැකියා වංචාවන් හේතුවෙන් අසරණ වූ පිරිස් වෙත සහන සැලසීමටත් ඒ වෙනුවෙන් පිළිතුරු ලබාදීමටත් සිදුව ඇත්තේ වර්තමාන රජයේ නිළධාරීන්ට බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

Continue Reading

තානාපතිවරුන්ට ඉලක්ක

රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පවසයි.

Continue Reading

2023 හොඳම ක්‍රීඩකයා දුල්වන් ජයරත්න

බස්නාහිර පළාත් වර්ණ සම්මාන උළෙල COLOMBO, Sri Lanka – තර්ස්ටන් විද්‍යාලයේ හිටපු කරාතේ නායකයකු සහ දකුණු ආසියානු කරාටේ ශූරතා පදක්කම්ලාභී දුල්වන් ජයරත්න, කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති බස්නාහිර පළාත් වර්ණ ප්‍රදානෝත්සවයේදී 2023 වසරේ හොඳම ක්‍රීඩකයා ලෙසින් සම්මානයට පාත්‍ර විය.

Continue Reading

මහින්දගේ විජේරාමයේ නිවස නඩත්තුවට මේ වන විට කෝටි 4ක් වැය කරලා – ඇමැති නලින්ද මැතිසබයේදී කියයි

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වන කොළඹ 07 විජේරාම නිවස නඩත්තු කිරීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ 430ක් (හාරසිය තිස් ලක්ෂ තිස් නව දහස් නවසිය හැට නවයක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) පැවසීය.

Continue Reading

සවස් කාලයේ තැනින් තැන තද වැසි

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකළපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Continue Reading