ඊශ්‍රායල් ප්‍රායෝගික පරීක්ෂණ නියෝජ්‍ය ඇමතිගේ නිරීක්ෂණයට
- Sujeewa Senerath
- January 14, 2026
- පුවත්, ව්‍යාපාරික පුවත්, සංචාරක සහ චාරිකා
- Israel-srilanka-job, slbef
- 0 Comments
ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයේ රැකියා සඳහා සුදුසු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිදුකරන අවසන් ප්‍රායෝගික පරීක්ෂණ ජනවාරි මස 05 දින මොරටුව, කටුබැද්ද NAITA ආයතනයේදී ආරම්භ වූ අතර, සිව් දිනක් පුරා පැවති පරීක්ෂණවල අවසන් දිනය වූ(2026.01.08) දින පරීක්ෂණ කටයුතු සිදුකරන අයුරු විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් නිරීක්ෂණය කරන ලදී.
කටුබැද්ද NAITA ආයතනයේ මීට පෙර පැවති පූර්ව පරීක්ෂණයෙන් සමත්වූ අයදුම්කරුවන් 1169 දෙනෙකු මෙම අවසන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී තිබේ. ප්‍රතිසංස්කරණ රැකියා ක්ෂේත්රයේ යටතේ ඇති Ceramic Tiling, Plastering Work, Gypsum හා Block Building යන රැකියා කාණ්ඩ 4ට අදාළව මෙම පරීක්ෂණ පැවැත්වූ අතර, ඊශ්‍රායල් ජාතික පරීක්ෂකවරුන් විසින් එම අවසන් පරීක්ෂණ අධීක්ෂණය කරන ලදී.
මෙමගින් තෝරා ගන්නා අයදුම්කරුවන් ලොතරැයි දිනුම් ඇදීම සඳහා ඇතුලත් කරන අතර, ඉන් අයදුම්කරුවන් 75% ක පිරිසක් තෝරාගන්නා බව ඊශ්‍රායලයේ පීබා ආයතනයේ නිළධාරීන් මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කරන ලදී. එසේම විභාග පරීක්ෂකවරුන් විසින් සුදුසු අයදුම්කරුවන් තෝරාගන්නා ක්‍රමවේදය පිළිබඳවද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කළහ.
නියෝජ්‍ය අමාත්‍යවරයා සමග මෙම අවසන් ප්‍රායෝගික පරීක්ෂණ නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ, අතිරේක සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) ඒ.කේ.යූ.රෝහණ, වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිල් කුමාරපේලි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ප්‍රතිසංස්කරණ ක්ෂේත්රයේ රැකියාවලට අදාළව ඊශ්‍රායල් පීබා ආයතනය විසින් පවත්වන ලොතරැයි දිනුම් ඇදීම මගින් තෝරාගන්නා අයදුම්කරුවන් මාස 2ක් වැනි කාලයක් තුළ ඊශ්‍රායලය වෙත පිටත් කර හැරීමට කාර්යාංශය පියවර ගනියි. මේ වන විට ශ්‍රී ලාංකිකයින් 880 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ප්‍රතිසංස්කරණ අංශයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

