මන්ත්‍රී රවී කරුණානායකගේ ප්‍රශ්නයට ඇමති කුමාර ජයකොඩි උත්තර දෙයි

“විදුලි ඒකකයක ජනන මිළ අඩු කරන්නේ නැතිව විදුලිබිල අඩුකරන්න බැහැ. දැනට කරන්නේ වැඩි ගානට අරන් අඩු ගානට විකුණන එක, මිළදී ගැනීමේ- ජනනය වියදම අප රට බාරගනිද්දී තිබුණේ රුපියල් 37කට. දැනට ඒක රුපියල් 29දක්වා 22%කින් අඩුකරගන්න අපට පුළුවන් වෙලා තිබෙනවා.

අපේ සැළසුම ඒ අගය රුපියල් 25දක්වා ගේන්නයි. ඒක කරලා වසර 03ක් ඇතුළත විදුලිබිල 30%කින් අඩුකරන්න අපි පොරොන්දු වුන විදියට කටයුතු කරනවා”. යැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී, විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක නැගූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කලේය.

තවද විදුලි ජනනය ධාරිතාවය වැඩි කිරීම සදහා, දිගුකාලීන ජනන සැලැස්මට අනුව පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ජාතික පද්ධතියට අවශෝෂනය කිරීම, ජාතික සම්ප්‍රේෂණ හා බෙදාහැරීමේ පද්ධතිය පුළුල් කිරීම, පුනර්ජනනීය බලශක්ති ගබඩාකරණ පද්ධති හදුන්වාදීම, ඉදිරියේදී කල් ඉකුත්වන බලාගාර වෙනුවෙන් සහ අනාගත ඉල්ලුම සැපයීම සදහා තාප බලාගාර හා ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාර ඉදිකිරීම, මෙන්ම දැනට ක්‍රියාත්මක ජල විදුලිබලාගාරවල ධාරිතාවය වර්ධනය කිරීම ආදී පියවර ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කලේය.

Leave A Comment