වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා පදනම් ආයතනයේ දී
- Editor
- February 23, 2026
- දේශපාලන, පුවත්
- victor-ivan
- 0 Comments
රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ ඔහුගේ මාධ්‍ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබේ.
2026 පෙබරවාරි මස 24 දා (අඟහරුවාදා) ප. ව 2.30 කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේදී එය පැවැත්වීමට නියමිතය.
දේශපාලන හා සමාජ ක්‍රියාකාරී එස්.සී.සී ඉලංගෝවන්, මාධ්‍යවේදී හනා ඊබ්‍රාහිම්, සහ අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.ඩබ් ජනරංජන යන මහත්ම මහත්මීන් එහිදී අදහස් දැක්වීමට නියමිත අතර ප්‍රධාන දෙසුම මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් සිදුකරනු ඇත.

