අධිවේගී මාර්ගවල වාහනවල ගමන් ගන්නා මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට යයි

අධිවේගී මාර්ගවල සිදු වන රථවාහන අනතුරු දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් මරණ සහ බරපතල තුවාල සිදුවීම් අවම කිරීම පිණිස අංක 2455/29 හා 2025‑09‑25 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ සාදන ලද 2011 අංක 2 දරන මෝටර් වාහන (අධිවේගී මහා මාර්ග) නියෝග සංශෝධනය කරනු ලැබ ඇත.

එමඟින්, අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන වාහනවල සියලුම ආසනවල ගමන් ගන්නා තැනැත්තන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබේ. ඒ අනුව, එකී සංශෝධිත නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව 2025. 10. 27 දින පැවැති අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave A Comment