අපේ නිලධාරින් 22ක් අවතැන් වෙලා – දොළුව ප්‍රාදේශිය ලේකම්වරිය
- Sujeewa Senerath
- December 17, 2025
- දේශපාලන, පුවත්
- doluwa
- 0 Comments
- රජයේ සහනාධාර මුදල් අස්වැසුම ගිණුම්වලට හෝ ඕනැම ගිනුමකට බැර කරනවා
- එසේ නැතිනම් රේඛනය නොකළ චෙක්පතක් ලෙස ලබාදෙනවා
ආපදාවට ලක්වූ ජනතාව වෙනුවෙන් ලබාදෙන මුදල් ආධාර ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් හෝ අස්වැසුම ගිණුම් හෝ රේඛනය නොකළ චෙක්පත් ලෙස ලබාදීමට කටයුතු කර තිබෙන බවත් රජයේ මුදල් ආදාර අවභාවිතය වීම වලක්වාගැනීමට එසේ කරන බවත් මහනුවර දොළුව ප්‍රාදේශීය ලේකම් යමුනා ප්‍රියදර්ශනී දයාරත්න මහත්මිය පැවසුවාය.
දොළුව ප්‍රාදේශිය සභාවට අයත් හල්ඔය අප්ලෑන්ඩ් වතුයායේ ලයිම් නිවාස පද්ධතිය නායයාම හේතුවෙන් පවුල් 18ක ජනතාව අවතැන්ව සිටින අතර ඔවුන් මේ වන විට අප්ලෑන්ඩ් දමිළ විද්‍යාලයේ ආරක්ෂිත මධ්‍යස්ථානයේ රැඳී සිටිති.
එක් එක් ගෘහ මූලිකයාට අයත් පෞද්ගලික බැංකු ගිණුම්වට පමණක් ආධාර මුදල් ලබාදෙන බව එම ජනතාවට අධාර මුදල් ලබාදීමට පැමිණි ග්‍රාම නිලධාරීවරයා පැවැසීය.
එහිදී වතු කම්කරුවන් බොහොමයකට තිබුණේ අස්වැසුම ගිණුම් පමණක් අතර තවත් අයට බැංකු ගිණුම් නොතිබුණි.
මේ පිළිබඳ අදාල ග්‍රාම නිලධාරී අයත් දොළුව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් කළ විමසීමේදී ඕනෑම ගිණුමකට හෝ රේඛණය නොකල චෙක්පතක් ලෙස හෝ එම මුදල් ලබාදීමට ග්‍රාම නිලධාරින් දැනුවත් කර ඇතැයි පැවසුවාය.
වැඩිම සහ බරපතල තත්ත්වයේ නායයෑම් දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ග්‍රාම නිලධාරී කොට්ඨාශය තුළ සිදුව තිබේ. එම අවතැන් වූ සහ නායයෑම් අවදානම් සහිත පවුල් මේ වන විට පාසල්, පූජනීය ස්ථාන සහ විවිධ මධ්‍යස්ථානවල ආරක්ෂිතව රඳවා ඇත. එම කාර්යාලයේ සේවය නියුතු සිසිර ආනන්ද ග්‍රාම නිලධාරිවරයා එම ව්‍යවසනයෙන් මරණයට පත්ව ඇති අතර, ග්‍රාමනිලධාරින්, සංවර්ධන නිලධාරින් ඇතුලු කාර්යාලයේ සේවකයන් 22 දෙනෙකුද ආපදාවට පත්ව ඇතැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

